තම එකම දියණිය හා බිරිඳගෙ ගෙල කපා දමා ඉන් පසු නිවස තුළදි ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කර ඉන් පසු එය මෙම ඝාතන සිදුකළ කෝටිපති ව්‍යාපාරිකයා ඉන්ධන වර්ගයක් සිරුරට දමා ගෙන ඔහුද එම ගින්නට පැන දිවි නසා ගෙන ඇති බව හලාවත සිංහපුර වත්ත ප්‍රදේශයෙ සුවිසල් නිවසක සිදුවු ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිවු බව හලාවත මූලස්ථාන පොලිසිය 21 දින පැවසිය.

හලාවත කම්පා කරමින් සුවිසල් දෙමහල් නිවසක් තුළදි සිදුව තිබු අභිරහස් මරණ සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ පැවති  පශ්චාත් මරණ පරික්ෂණයෙදී හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වයි.එම්.ජී.ඉලංගරත්න  බංඩා මහතා මහතා විසින් අදාල ඝාතන සම්බන්ධව විශේෂඥ අධිකරණ කටයුතු මෙහෙයවා තිබු අතර එහිදි නිගමනය කර  ඇත්තේ 15 හැවිරිදි දියණිය හා ඇගේ මවගේ ගෙල තියුණු ආයුධයකින් වෙන්වෙන ලෙසට කපා දමා  ඇති බවත් ඉන් පසු අධික රුධිර වහන විමේන් මරණයට පත්ව ඇති බවය.

එසේ දියණිය හා බිරිද නිවස තුළදි මරා දැමු කෝටිපති ව්‍යාපාරිකයා බිරිදගෙ සිරුරට නිදන කාමරය තුළදි ගිනි තබා ඇති බවත් ඉන් පසුව සුවිසල් නිවසේ සාලයෙ සකසා තිබු විශාල ගින්නකට දියණිය දමා පිළිස්සීමට දමා මෙම ව්‍යාපාරීකයාද කිසියම් ඉන්ධන වර්ගයක් සිරුරට වක්කර ගිනිමින් මරණයට පත්ව තිබු බව පශ්චාත් මරණ පරික්ෂණ වලදි වැඩි දුරටත් නිගමනය කර තිබුණි.

හලාවත කම්පා කම්පා කරමින් සිදුව තිබු මෙම මරණ සම්බන්ධව පැවති පශ්චාත් මරණ පරික්ෂණ වලදි වැඩි දුරටත් හෙළිව ඇත්තේ දියණියගේ සිරුර පුරා දරුණු තුවාල සිදුව තිබු බව පොලිසිය කියයි.

ඒ සමගම මෙම ඝාතන සිදුකල බව කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුරේ කිසිදු තුවාල සලකුණක් නොතිබු බව වැඩි දුරටත් පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිව තිබුනී.

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇත්තේ හලාවත සිංහ වත්ත ප්‍රදේශයෙ පදිංචි 41 හැවිරිදි මුහුන්දිරම් රාළලාගේ මංජුලා නිරෝෂනි බංඩාර නැමති එක්දරු මවක් හා 15 හැවිරිදි නෙත්මි නිමේෂා සේනාරත්න නැමති දැරියයි.

තම සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්වු බිරිද හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සංවර්ධන නිළධාරීනියක් ලෙස සේවය කරමින් සිට ඇති අතර 15 හැවිරිදි දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි බව කියයි.

තම පියා හා මව අතර ඇතිවු මුදල් හා වෙනත් ආරවුලක් හේතුවෙන් මෙම මරණ සියල්ලම සිදුව ඇති බව මේ වන විට පොලිසිය සිදුකල මූලික විමර්ශණ වලදි හෙළිව ඇති බව කියයි.

ඝාතනය සිදුකර ඇති බව කියන කෝටිපති ව්‍යාපාරිකයා වන 51 හැවිරිදි එස්.ජී.සේනාරත්න යන අය නිකවැරටිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බවත් වසර 20 කට පෙර කුරුණෑගල ප්‍රධාන පෙලේ ඉඩම් කොටස් කර අලේවි කිරීමේ සමාගමක කළමණාකරුවෙකු ලෙස හලාවත ප්‍රදේශයෙ එම සමාගමේ ශාඛාව භාරව සිට ඇති බවයි.

එලෙස හලාවතට පැමිනි මොහු තම බිරිදි ලෙස ඝාතනයට ලක්වු කාන්තාව සමග විවාහ ගිවිස ගෙන ඇති බවත් ඉන් පසු ඔවුන්ට  එක් දියණියක් ලැබි ඇති බව කියයි.

සමාජයෙ කා අතරත් හිත හොද දිනා ගනිමින් ඔහුද ඉඩම් කොටස් කර අලේවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් තිබි ඇති බව කියයි.

පර්ල් ලැන්ඩ් නමින් පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය කිසියම් මුදල් ගැටළු රැසකට මුල්වි අඩාල වි තිබු බවත් එහිදි මෙම ව්‍යාපාරීකයා තම බිරිද සතු මුදල් ලබා ගෙන ඒවාද තම ව්‍යාපාරයකට යොදවා එයින්ද පාඩු ලැබිමත් සමග නිතර නිතර මේ සම්බන්ධව ආරවුල් නිවස තුල තිබි ඇති මුත් මෙම කිසිදු කරුණක් එළියට නොදි සිටිමට ඝාතනයට ලක්වු කාන්තාව කටයුතු කර තිබුනී.

ඒ හේතුව නිසාම මෙම අඹු සැමියන් හා දරුවා ඉතා සමගියෙන් තම ජීවිතය ගෙවන බවට සමාජයට පෙන්විමට මහත් උත්සහයක් ගෙන තිබු බව කියයි.

ඒ නිසාම මෙම තිදෙනා ඉතාම යහපත් පවුල් ජීවිතයක් ගෙවන පවුලක් බවට හිතවතුන්ට පෙන්විමට මහත් වෙහෙසක් ගෙන තිබු බවට තොරතුරු හෙළිව තිබේ.

කෙසේ නමුත් අඹු සැමියන් අතර මුදල් ආරවුලට අමතරව වෙනත් ආරවුලක් තිබුනාද යන්න මේ වන විටත් පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වලට සනාථ කර ගැනිමට නොහැකි වී ඇති බව කියයි.

හලාවත නගරයෙ පිහිටි මෙම සුවිසල් නිවස හා අනිකුත් දේපල බිරිදගේ පාර්ශවයෙන් ලැබි තිබිම හේතුවෙන් බිරිද සැමියා සමග තම මුදල් විනාශ කල බවට චෝදනා එල්ල කරමින් ගැටුම් ඇති කර ගෙන ඇති බවට පොලිසිය සැක කරති.

පසුගිය මාසයෙ මෙම නිවසේ තිබු රුපියල් ලක්ෂ 20 කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් සොරකම් කිරීම ගැනද බිරිද සැමියා සැක කර ඇති බවට පොලිසය සැක කරති .

එසේ බිරිද සැක කිරීමට හේතුව වි ඇත්තේ පිටස්තර කිසිවකු නිවසට ඇතුල් වි නොමැති වටපිටාවක නිවසේ තිබු බිරිද සතු රත්‍රන් තොගය මෙලෙස සොරා ගැනිම සැමියා විසින්ම කල බවට චෝදනා එල්ල කිරීම බවට පොලිසිය පරික්ෂණ වලදි අනාවර්ණය කර ගෙන තිබේ.

කොසේ වෙතත් මෙම මුදල් ආරවුල දරුණු තත්වයට පත්විමේන් පසු 20 දින එකම දියණිය උපකාරක පංතියකට යාමේන පසු දෙදෙනා අතර ගැටුමක් ඇතිව ඇති බවට පොලිසිය සැක කරයි.

ඒ සමගම තම බිරිදව නිවස තුළදි ගෙල කපා මරා දමා දමන්නට ඇති බවත් උපකාරක පංති ගොස් යහළුවන් සමග නිවසට පැමිනි දියණිය තම මව පිළිබදව විමසා ඇති බවත් එහිදි අසනියක් සදහා ප්‍රතිකාර ගැනිමට හලාවත රෝහටල ගොස් ඇති බවට පවසා ඇති බව පොලිස් විමර්ශන වලදි හෙළිව තිබේ.

කෙසේ නමුත් උපකාරක පංතියකට ගොස් සිටි දියණිය 19 දින රාත්‍රි 8.15 පමන නිවසට රැගෙන විත් ඇති බවත් පොලිස් පරික්ෂණ වලදි සනාථ වී තිබේ.

කෙසේ නමුත් බිරිද මරා දැමිමේන් පසු මෙම කෝටිපති ව්‍යාපාරිකයා තම දියණියද නින්දට යාමේන් පසු තියුණි ආයුධයකින් ගෙලට පහර දි මරා දමා ඇති බවට පොලිසිය සැක කරයි.

ඒ වනවිටත් ඝාතනයට ලක්ව සිටි බිරිදගේ සිරුරට ගිනි තබා පුළුස්සා නිවස පිහිටි භුමියෙ තිබු පොල් ලෙලි දර හා අනිකුත් දැ සාලයට රැගෙන විත් එහි දැවැන්ත ගිනි ගොඩක් සකසා ඝාතනයට ලක්ව සිටි දියණියගේ නිසල සිරුර ගිනි ගොඩට දමා පිළිස්සිමට ඉඩ හැර ඉන් අනතුරුව ඔහුද ගින්නට පැන දිවි නසා ගන්නට ඇති බවට ඇති බවට මේ වනවිට සිදුකල පොලිස් විමර්ශන වලදි හෙළිව තිබේ.

කෙසේ නමුත් ඥාතින්ට හිතවතුන්ට හා අසල්වාසින් අභිරහසක් ඉතුරු කරමින් සිදුවු ඝාතන හා සැමියාගේ සිය දිවි නසා  ගැනිම බරපතල ගැටළු රැසකට තුඩුදී තිබේ.

මවගේ හා පියාගේ ගැටුමකට මැදිවු කිසිවක් නොදත් මල් කැකුලක් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මව්පියන්ගේ හිතුවක්කාර ගති වලට වන්දි දෙමිනි.

 

0 comments

Leave a Reply

Post Comment