බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක්  මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස්  යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

යුදහමුදා ට්‍රක් රථයේ ගැටුන ත්‍රීරෝද රථය ට්‍රක් රථය සමඟ පල්ලමේ ඇදී ගොස් මාර්ගය අසල තාප්පයක ගැටී නතර වී ඇති අතර , ත්‍රීරෝද රථ රියදුරු ට්‍රක් රථයට සහ තාප්පයක ගැටි සිරවී මියගොස් සිටියදී යුදහමුදා නිලධාරීන් , පොලිසිය , බදුල්ල මහ නගර සභා ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් එක්වී මහත් පරිශ්‍රමයක් දරා පැය දෙකකට පමණ පසුව ඉවතට ගත් බවද පොලිසිය කීය.

බදුල්ල තල්දෙන  පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර් එම් .අමල්  ඉදුනිල් දේශප්‍රිය (26) නැමති තරුණයකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගිය බව පොලිසිය පැවසීය.

අනතුරින් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකු සහ යුදහමුදා ට්‍රක් රථය පැදවූ යුදහමුදා සෙබළකු තුවාල ලබා සිටින බවත් , පොලිසිය පවසයි.

දියතලාව යුදහමුදා කදවුරේ සිට බැකෝයන්ත්‍රයක් පටවා ගෙන පොලොන්නරුව බලා යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී හදිසි කාර්මික දෝශයකට ලක්ව ඇති අතර , ඒ සමගම පල්ලමේ වේගයෙන් ඇදී යමින් තිබූ යුදහමුදා ට්‍රක් රථය එහි රියදුරු වංගුව අසලදී නවතා ගැනිමට උත්සහ කිරීමේදී ඉදිරියෙන් බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක ගැටී පසුව තල්දෙන සිට බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථය ක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය.

ට්‍රක් රථයේ ගැටුන ත්‍රීරෝද රථය රියදුරු සමඟ මාර්ගයේ ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පිහිටි වේල්ලක ගැටි නතර වී ඇති අතර , ත්‍රීරෝද රථය ට්‍රක් රථය ට සහ වේල්ලට ගැටී සිරවීමෙන් ත්‍රීරෝද රථය මුලුමනින්ම පොඩිපට්ට්ස්ම් වී  විනාශවී ගොස් එහි රියදුරු ඒ තුල සිරවී සිටියදී පැය දෙකක මෙහෙයුම කින් අනතුරුව ඉවතට ගෙන බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවද පොලිසිය පැවසීය.

 

0 comments

Leave a Reply

Post Comment