බෝවතැන්න ජලාශයේ අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා ජලය ඉවත් කිරීම හේතුවෙන් අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙසත් සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින  ජනතාවද  අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන්  ජිවිත අවධානයක් ඇති බව  බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.

 බෝවතැන්න ජලාශයේ   ජලය හිස් කරමින් පවතී ,  ඒ අනුව සොරොව් විවෘත කොටස   එම ජලය අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට යොමු කොට තිබෙන බවද  කඩිනමින් බෝවතැන්න ජලාශයේ සොරුව්  නඩත්තු කටයුතු  සිදුකරමින් පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය

ඉබ්බන්කටුව ජලාශය,  කණ්ඩලම ජලාශය, මෝරගහකන්ද ජලාශය,  කලා වැව සහ බළලු වැව ආදි වැව් රැසක් පෝෂණය වන විදුලිය උත්පාදනය කරන  ජලාශයක් වන්නේ බෝවතැන්න ජලාශයයි.

වසර ගණනාවකින් ජලය  මේ ආකාරයෙන් ඉවත් කිරීමත් සමඟ බෝතැන්න ජලාශයේ  රොන් මඩ විශාල වශයෙන් තැන්පත්ව තිබෙන බවත් ඇතැම් ස්ථානවල අඩි දහය පහළව සහ හතළිහ තරමට රොන් රොන්මඩ වලින් පිරී ඇති  නිසා  මසුන්මැරීම සහ ජලයට බැසීමෙන් අනතුරුදායක ජීවිත  අවධානමක්    ගෙන දෙන තත්වයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

එහෙත් මේ දිනවල් ජලය සීග්‍රයෙන් අඩුවන බව දැන ප්‍රදේශවාසීන් වැඩි වශයෙන් ම අනාරක්ෂිතව ජලයට බැස මසුන් මැරීම සහ කැලෑවලට ගිනි තැබීම කටයුතුකම්වල නිරතවන බවට නිරීක්‍ෂණය වන වන්නේ යැයි ඒ මහතා සඳහන් කළේය

මෙවන විටත් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ යුද හමුදාවේ පවා සහාය ලබා ගැනීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන  බුද්ධික නවරත්න ජලාශ භාර ඉංජිනේරුවරයා මහ ජනතාවට දැඩිව කියා සිටියේ තම ජීවිතවල අවදානම ගැන සිත බලා  මේ ආකාරයෙන් හැසිරීම බරපතල තත්ත්වයක් ඇතිවන බවය

ඉතාමත් කඩිනමින් තඩත්තු කටයුතු සහ නිරීක්ෂණ කටයුතු අවසන් කොට බෝතැන්න ජලාශය තිබුණු තත්ත්වයට ජලය පිරවීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පෙන්වා දුන්නේය

බෝතැන්න ජලාශයේ ජලය සිඳී යාමත් සමඟ එහි ඉපැරණි නටබුන් රැසක් මතුවෙමින් පවතී ඒ අතරින් නාලන්ද ගෙඩිගේ පැවති ස්ථානය ද පැරණි ජනාවාස කොටස්ද මේවන විට දිස්වෙන බව ඉංජිනේරුවරයා සඳහන් කරන්නට විය.

0 comments

Leave a Reply

Post Comment