නානුඔය සිට ඇල්ල ඕඩිසි ඇල්ල නමින් නව දුම්රිය ගමන් වාරයක් නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථාන අතර (10) දින දුම්රිය සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවශ්‍රියෙන් ආරම්භ කෙරිණ.

මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ සෑම දිනකම එස් 14 මැදිරි කට්ටලයක් සමග ධාවනයට එක් කරන අතර, (10) දින උදැසන 8.15 ට පළමු දුම්රිය ගමන් වාරය ආරම්භ කරනු ලැබුහ.

මෙම දුම්රිය යලිත් පස්වරු 1 ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනයට එක් කරනු ලබයි.

මෙම දුම්රියේ පළමු පන්තියේ වෙන් කල ආසනයක් රු 7000 ක්, දෙවන පන්තියේ ආසනයක් රු 6000 ක්, තෙවන පන්තියේ ආසන රු 5000 ක් වැනි මිලකට අලෙවි කරන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රිය සදහා විශාල ඉල්ලුමක් පවතින බවයි දුම්රිය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

එම දුම්රිය ධාවනය කරන මාර්ගයේ පිහිටා ඇති දිය ඇළ ආශ්‍රිත මන්දගාමිව දුම්රිය ධාවනය කිරිමටත්, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ විනාඩි 6 ක් සහ ආරුක්කු නවය පාලමේ විනාඩි 10 ක කාලයක් දුම්රිය නතර කිරිමට දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

0 comments

Leave a Reply

Post Comment