දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු තොග මිල සීඝ්රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථා වෙළෙන්දෝ පෙන්වා දෙති.

ොදඹුල්ල ආර්ථිකයට මේ දිනවල  ්වැ‍ඩි වශයෙන් එළවලු තොග ලැබණද ඒවා මිලදී  ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වී තිබෙන බවත් වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවී ඇත්තේ එළවලු පරිභෝජනය කරන ප්‍රමාණය පහළ යෑම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දෙති

වෙළෙන්දන් කියා සිටින්නේ එළවලු අලවි නොවී දිනගණන් තිබී විනාශ වන නිසාත් එළවලු ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධික වීම නිසා ජනතාවට අඩු මුදලකට එළවලු ලබා දීමට නොහැකි බවයි'

අමු මිරිස් ,වම්බටු , තක්කාලි ,කැකිරි ආදී එළවලු  වර්ග සහ කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට් ,ලිස් ,ගෝවා  බොහොමයක් අලවි විම රුපියල් 50 ත් 100 ත්  අතර   මිල ගණන්  යටතේ බවත්   බොහෝ දුරට අලවි  නොවී  දිනක් පසුවීමත් සමග විනාශ වන බව ගොවීන් පෙන්වා දෙති.

 නිෂ්පාදන වියදම ඉතා ඉහල බවත් නිසි වැඩපිළිවෙලක අවශ්‍යතාවය ගොවින් මෙන්ම වෙළෙන්දෝ පෙන්වා දෙති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන එළවළු කිලෝවක තොග මිල   පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළෙමු. ඒ  අනුව මිල ගණන් පහත  දැක්වේ.

එළවවළු තොග මිල (රු. )

තක්කාලි 160 - 200

 වම්බටු    80 - 100

 කැරට්    50 - 70

බෝංචි     150 - 200

 මාළු මිරිස්  240 - 300

 අමුමිරිස්    250 - 300

 කැකිරි     25 - 30

 පිපිඤ්ඤා  25 - 30

 වට්ටක්කා  80 -100

මෑ  කරල්  100 -120

ගෝවා    50 - 70

ලීක්ස්    140 - 160

0 comments

Leave a Reply

Post Comment