උසින් අඩි 80කට වැඩි සහ  පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය. 

උත්පලවර්‍ණා කතා පුවත තේමාව කොට ගෙන තොටළග ශ්‍රී වෛශාඛාලෝක තොරණ සමිතිය මගින් 69 වන වරටත් ඉදිරිපත් කරන මෙම තොරණ,  තොටළඟ වෙළෙඳ ප්‍රජාව හා ප්‍රදේශ වාසින්ගෙ දායකත්වයෙන් ඉදි වීම විශේෂත්වයකි.

කටු තොරණ සහ විදුලි රටා නිර්මාණය  ප්‍රවීණ විදුලි ශිල්පී නාරම්මල  සුසන්ත පියල් ( සදහිරු ඉලෙක්ට්‍රිකල්ස් ආයතනය නාරම්මල ) විසින්  සිදු කෙරෙන අතර චිත්‍ර සහා සැලසුම ප්‍රවීණ චිත්‍ර ශිල්පී යක්කඩුවේ ආනන්ද ජයලත් ගෙනි .

 

0 comments

Leave a Reply

Post Comment