ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉඳිකරන සූර්ය බලාගාරයේ වැඩ මේවන විට නිමවෙමින් පවතී. කොරියානු රජයේ ආධාර මත ඒ සඳහා ඩොලර් මිලියන 3.05 වැයකෙරේ.මෙම ව්‍යාපෘතිය වර්ගමීටර් දාහතරදහස් පන්සීයවිස්සකින් සමන්විතය.
එහි සූර්ය මොඩියුලය 540 Wx1872 වේ.වාර්ෂික බලශක්ති උත්පාදනය1300 MWh වේ.ව්‍යාපෘතියේ වසර 20 කාලය තුළ විදුලි ජනනය සඳහා ෆොසිල ඉන්ධන ආනයනයකිරීමේ පිරිවැය අඩු කිරීම අපේක්ෂා කෙරේ.එමඟින් වසරකට රුපියල් මිලියන 130 රජයට ඉතිරිවේ.ව්‍යාපෘති කාලය තුළ අපේක්ෂිත කාබන් විමෝචනය වසරකට ටොන් 502.8 අඩුවේ.
මෙම ව්‍යාපෘතිය මඟින් මෙගාවොට් එකක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතය.ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කොරියානු රජයේ මූල්‍ය ආධාර යටතේ සිදුකෙරෙන මෙවැනිම තවත් ව්‍යාපෘතියක් සෙවනගල කිරිඉබ්බන් වැවේ ආරම්භකර ඇත.
මේවන විට ඉඳිකිරීම් නිමවෙමින් පවතින අතර තවත් මාස තුනකින් පමණ විවෘතකිරීමට හැකිවන බැව් ශ්‍රීලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියදර්ශන මහතා පැවසීය.
Leave a Reply