Uncategorized

2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.

Uncategorized

මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මිය යයි

ලිදුල පොලිස් වසමට අයත් තලවකැලේ මටුකැලේ වතුයායේ තේ වත්තේ දඩයම්කරුවන් අටවා තිබු හොදින් වැඩුනු කදුකර කොටියෙකු වනජීවි නිලධාරීන් විසින් මුදාහැරීමට උත්සාහ කිරීමේදි (14) දින මියගිය බව නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.

Uncategorized

සිරි දළඳා දැක්මට ප්‍ර වේශ මාර්ග තුනක්

මේ මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එහි ප්‍රවේශ මාර්ග තුන සැකසෙන ආකාරය ඇතුළත් දළ සැලැස්මක් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය මගින් මාධ්‍යයට මුදාහැර තිබේ.

Uncategorized

යාපනය අධි ආරක්ෂිත කලාපයේ වසර 34කට පසුව විවෘත කළ මාර්ගය

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Uncategorized

මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Uncategorized

කැලිප්සෝ දුම්රිය නානුඔයෙන් මංගල ගමන අරඹයි

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.

Uncategorized

වැස්ස ඌවේ වී අස්වැන්නට බලපෑම් කරයි

ඌව පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළිත් වැසි ඇද වැටීමට පටන්ගෙන තිබේ.වැසි ඇද වැටීමත් සමගම මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින්නේ මෙරට ගොවි ජනතාවය.

Uncategorized

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (05) පෙරවරුවේ පැවැත්විණ.

Uncategorized

මෝදි කොළඹ ඉදිද්දී ඉන්දීය යුද නැවකුත් කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Uncategorized

ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ටින් මාළු අපනයනය කරන අවස්ථාව ඉතිහාස ගතවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

Uncategorized

මියන්මාරයට ප්‍රභල භූ කම්පන ද්විත්යක් - බැංකොක් නුවර ගොඩනැගිල්ලකුත් කඩා වැටෙයි

රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රභලත්වයක් සහිත භූ කම්පනයකින් හා රික්ටර් මාපාංකයේ 6.4ක ප්‍රභලත්වයකින් යුත් දෙවැනි භූ කම්පනයද ඇතුළත්ව භූ කම්පන දෙකකින් මියන්මාරය සෙලවි ගියේය.

Uncategorized

දෙහිවලින් ජනතාව හමුවට එන අලුත් අමුත්තෝ

ජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’’ කැපිටල් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .

Uncategorized

සමනල වැවේ කයාක් සංචාරක බෝටිටු සේවයක් අරඹයි

බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.

Uncategorized

නොමේරු දරුවන් පස් දෙනෙක් සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගනියි

ඊයේ (15දා) සවස එක් මවකට සිසේරියන් සැත්කමක් හදිසියේම සිදු කළ අතර, එම මවට නිවුන් දරුවන් දෙ‍දෙනෙකු හමුවී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සති 30ක් වයසැති දරුවන් බව සඳහන් කළේය. එම සැත්කම සාර්ථකව අවසන් වූ පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහ රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදු කළ අතර, එම මවට තුන් නිවුන් දරුවන් හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් වූ බවද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.

Uncategorized

වසරකට පසු අධිවේගයට නැවතත් එස් ටි එෆ් ආරක්ෂාව

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා පෙරේදා (10) රාත්‍රියේ සිට නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය.

Uncategorized

එකම මාර්ගයක, පොලිස් බල ප්‍රදේශ තුනක පැය හයකදී සිදුවූ අනතුරු තුනකින් හයක් මරුට

එකම මාර්ගයක පොලිස් බල ප්‍රදේශ තුනක පැය හයකදී සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

Uncategorized

කාන්තාවන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් ශ්‍රී ලන්කන් බැංකොක් ගිය ගමන

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වාර්ෂිකව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සංවිධානය කරන , ගුවන් ගමන මෙවර තායිලන්තයේ බැංකොක් නුවර බලා 03/08 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි . ප්‍රධාන ගුවන් නියමුවා ඇතුලු සමස්ත ගුවන් යානා කාර්යය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීම මෙම ගුවන් ගමනෙහි විශේෂත්වයක් වී තිබුණි .

Uncategorized

මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්

ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානියේ මාදැලකට 7 සහ 8 දින දෙක තුළදී කිලෝ ග්‍රෑම් 50,000ක අධික ප්‍රමාණයකින් යුත් අම්ඹරුවන් හෙවත් පරව් මාලු තොගයක් හසුවිය.

Uncategorized

කොරියා පදනමෙන් ලංකාවේ සෞඛ්‍යයට දුන් සුපිරි වාහන

ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන’’ ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 7.2 (ඇමරිකානු ඩොලර් 7,200,000) ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.

Uncategorized

මැණික් ගඟේ සැඟවීමට ගිය ජීවිත හතක් බේරා ගත් අපේ කාලයේ විරුවා

මම රාත්‍රියේ ත්‍රිවිල් රථයෙන් බිස්කට් එකක් ගන්න පාලම ළඟ කඩේට ගියා. මැණික් ගඟේ ජල මට්ටම ඉතාමත් වැඩියි. එකපාරටම පාලම පැත්තෙන් විශාල ශබ්දයක් ඇසුණා. මම හිතුවේ පාලම කඩාගෙන ගියා කියලා. බලන විට පාලම තියෙනවා මම පාලම මතින් දුවගෙන ආවා.ගඟ දෙස බලන විට සුදු පාට වාහනයක් වතුරේ පෙවිලා තියෙනව දැක්කා. ඒකෙ හිටිය අය බේරගන්න කියලා හයියෙන් කෑගහනවා ඇහුණා. මම පාලමෙන් ගඟට පැන්නා. වතුරෙන් වැහෙන වාහනය ළඟට පීනලා ගියා .

Uncategorized

කතරගමට එන විදෙස් සංචාරකයන්ගේ ඉහළ යෑමක්

කතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්‌‌ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.

Uncategorized

වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට

දින දෙකක කාලයක් තිස්සේ පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයට ඇදහෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙවර මහ කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙළා ගැනීමට මහත් බාධා එල්ල වී ඇති අතර ඇතැම් ගොවීන් නෙලාගත් වී අස්වනු වර්ෂාවට හසුවීමෙන් වී කිලෝවක මිලද පහළ දැමීමට පොළොන්නරුව මහා පරිමාණ වී මෝල් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බව මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් පවසති.

Uncategorized

පුත්තලම ලුණු අස්වැන්න නෙළිම ඇරඹේ

පසුගිය වසරේ මහ වැසිත් සමග නැවති ගිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලුණු නිෂ්පාදනය යලිත් පවතින දැඩි වියළි කාලගුණයත් සමග ආරම්භ කිරිමට හැකිවු බව පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයෙ සභාපති බදුර්දීන් රනිස් මහතා 25 දින පැවසිය.

Uncategorized

හමුදාවේ ඉහළ නිලධාරීන් සමග ජනපති ආරක්ෂාව ගැන සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.