අයි.පී.එල් ඉතිහාසයේ යළිත් දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි අයි.පී.එල් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 286ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමන් ක්‍රීඩා කළ ඉෂාන් කිෂාන් පන්දු 47දී නොදැවී ලකුණු 106ක් රැස් කළේය.

පන්දු යැවීමේදී තුෂාර් දේශ්පාන්ඩේ කඩුලු 3ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය. 

0 comments

Leave a Reply

Post Comment