ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  05වැනි තරගයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ(25දා) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් රැස් කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ශ්‍රේයස් අයියර් පන්දු 42දී නොදැවී ලකුණු 97ක් රැස් කළේය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 232ක් පමණී.

 

0 comments

Leave a Reply

Post Comment