බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්  හා මුල්‍යමය ආධාරයෙන් ඉකුත් 23 වැනිදින විහාර පරිශ්‍රයේ පොල් දන්සැලක් පැවැත්වූහ. මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2000 ක් පමණ පරිත්‍යාග කෙරිණි. 

බෙල්ලන්විල විහාරාධිපති හිමියෝ නිරතුරුවම දානමය පිංකම් පවත්වති. අක්ෂි දුර්වලතාවයෙන් පෙලෙන අයට ඇස් කණ්නාඩි, ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු, ලදරුවන්ට අධිපෝෂණ කිරිපිටි යනාදිය විහාරස්ථානයේදී පරිත්‍යාග කර තිබේ. එයට අමතරව රෝහල්වලට අවශ්‍ය උපකරණ, ඖෂධ වර්ග, දුෂ්කර ප්‍රදේශවල පවුල්වලට වියළි ආහාර ද්‍රව්‍ය, පාසල් දරුවන්ට පොත් හා උපකරණ පිරිනැමීමද  සිදු කරනු ලැබිණි .

දෙහිවල එච් එම් ධර්මපාල

 

0 comments

Leave a Reply

Post Comment