කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් රැගෙන ආ කප සිව් මහා දේවාලයන්ට බෙදා දීම ඊයේ (04) සවස 3.58 ට යෙදුණු සුභ මුහුර්තියෙන් චාරිත්‍රානුකූලව සිදුකෙරුණි.
ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේ බිම්කඩක තිබූ පනස වෘක්ෂයක් චාරිත්‍රානුකූලව කැපීමෙන් අනතුරුව එම වෘක්ෂය ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ සිංහරාජා හස්තියා විසින් සෙංකඩගල පුරවරයට වැඩම කරවනු ලැබීය.
ඉන් අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලයන්හි කපු මහත්වරුන් වෙත එම පනස වෘක්ෂයේ කොටස් බෙදා දීම සිදුකෙරුණි.
එසේ ලැබුණ කප කොටස් සිව් මහා දේවාලයන්හි සිටුවීමෙන් අනතුරුව දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වීමට නියමිතය .
Leave a Reply