සිරි දළඳා දැක්මට දැන් සිටම පෝලිම්
වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.
සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රදේ ශ්‍රී මහා නාථ දේවාල භුමිදේ දී අද (16දා) පරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.
තවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය.
මෙවර සති අන්තයේදී ශ්‍රි පාද වන්දනාව සඳහා නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කිරීමට අපේ කාලයේ ගල්වඩුවානන් කෙනෙකුට හැකි වී තිබේ.
2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසිය.
බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මුල්‍යමය ආධාරයෙන් ඉකුත් 23 වැනිදින විහාර පරිශ්‍රයේ පොල් දන්සැලක් පැවැත්වූහ. මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2000 ක් පමණ පරිත්‍යාග කෙරිණි.
‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
අප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
ඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු එහෙත් වසර දෙකක් පුරාවට නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, මෙවර රජය මැදිහත්වීමෙන් කටයුතු කරනවා කියන කාරණාව අහන්න ලැබීමත් සතුටක් බව මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය.
කතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්‌ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
ලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.
කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
උදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්ණ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය , ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය තවලම ධම්මික නාමියන්වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය සහිතව පිරිනමා තිබේ.
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් රැගෙන ආ කප සිව් මහා දේවාලයන්ට බෙදා දීම ඊයේ (04) සවස 3.58 ට යෙදුණු සුභ මුහුර්තියෙන් චාරිත්‍රානුකූලව සිදුකෙරුණි .
සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවිම අගෝස්තු මස 5 වන දින සිදුවෙන අතර කුඹල් පෙරහැර අගෝස්තු 5 වන දින සිට 9 වන දින දක්වාත් විථි පෙරහැර අගෝස්තු 10 වන දින සිට අගෝස්තු 14 වන දින දක්වාත් රනදෝලි පෙරහැර අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 19 දින දක්වාත් දිය කැපිමේ මංගල්‍යය 20 වන පැවත්විමට කටයුතු යොදා ඇතිබව රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය .ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දුටු අතර ඉන් අනතුරුව සර්වාගමික වතාවත් වලද යෙදුණි .
විජය පුවත්පත් සමාගම සංවිධානය කරන ලංකාදීප පොසොන් ආලෝක පූජාව 21 වැනි වරටත් මෙවර , ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පොහොය යෙදුන ඊයේ (21දා ) ආරම්භ කෙරිණි.
2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු ශ්‍රී ලාංකික ඉස්ලාම් ආගමික බැතිමතුන් පිරිස 05/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබිය බලා පිටත්ව ගියහ .
මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.
උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.
විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82