ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන 2024 ඔලිමිපික් උළෙලේ අවසන් දිනය හෙටට යෙදී තිබේ. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීම සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර තියුණු කරට කර සටනක් ක්‍රියාත්මක වෙමින් පවතී.
අලුත්ම පදක්කම් සටහනට අනුව එක්සත් ජනපදය රන් පදක්කම් 33ක්ද, රිදී පදක්කම් 39ක් සහ ලෝකඩ පදක්කම් 39ක්ද සමගින් සමස්ත පදක්කම් 111ක් දිනා ගැනීමට සමත්ව තිබේ. එසේම චීනය රන් පදක්කම් 33ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 23ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් චීනය මෙවර ඔලිම්පික් උළෙලේ පෙන්නුම කර ඇති මෙම සුවිශේෂී දක්ෂතාවන්ද සමගින්ම සුපුරුදු ලෙස මෙ වනවිට එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත තහනම් උත්තේජක භාවිතා කිරිම සම්බන්ධයෙන් වන චෝදනා එල්ල වෙමින් පවතී.
එහෙත් මෙම චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කරන චීන මාධ්‍ය, ඇමෙරිකානු තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (USADA) මගින් තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවා වසර ගණනක් යනතුරුම තරග වැදීමට අවස්ථාව ලබාදී තිබෙන බවට තොරතුරැ අනාවරණය කර සිටියි.
විශේෂයෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනය (WADA) සහ එක්සත් ජනපදයේ USADA ආයතනය අතර මේ සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරාම දරැණු ගැටුමක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි. මෙහිදී USADA හි ප්‍රධානියා වන ට්‍රැවිස් ටයිගාර්ට් විසින් ලැජ්ජා සහගත ලෙස ලෝකය වෙත බොරැ කියමින් සිටින බවත් එම මාධ්‍ය පවසයි.
මෙම කරැණ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයද පසුගිය අගෝස්තු 07 වැනිදා අනාවරණයක් සිදු කළේය. එහි සඳහන්ව තිබූ ආකාරයට ලෝක සහ එක්සත් ජනපද තහනම් උත්තේජක මර්දන ආයතන අතර මේ වනවිට කරැණු රුසක් සම්බන්ධයෙන් ගැටුමක් ඇතිව තිබෙන බව පැවසුණි.
ඒ අනුව USADA මගින් තහනම් උත්තේජක භාවිත කළ බවට හඳුනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත තවදුරටත් අනෙකුත් ක්‍රීඩකයන් සමගින් තරගවැදීමට අවස්ථාව ලබාදී තිබෙන බව එහිදී අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය එක්සත් ජනපදයේ එෆ්බීඅයි ආයතනය මාෆියා සංවිධානත් සමගින් එකඟතාවකට පිවිසීම හා සමාන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මෙම රොයිටර් පුවත් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති WADA ආයතනය, “තහනම් උත්තේජක පිළිබඳ නීති දරුණු ලෙස උල්ලංඝණය කළ බවට ඔප්පු වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට වසර ගණනක් පුරා අනෙකුත් ක්‍රීඩකයන් සමගින් තරග වැදීමට එක්සත් ජනපදයේ USADA ආයතනය මගින් රහසිගත ලෙස අවස්ථාව ලබා දී තිබෙන බව අප වෙත දැන ගන්නට ලැබී තිපෙනවා. එහිදී මේ සම්බන්ධයෙන් WADA වෙත දැනුවත් කිරීමකින් තොරව සහ එහි නීති රීති යටතේ ක්‍රියාත්මක නොවෙමින්, USADA තමන්ගේම නීති යටතේ මෙම අවස්ථාව ලබාදී තිබෙනවා.“ යනුවෙන් පවසා සිටියි.
WADS හි වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ක්‍රීඩකයන් තහනම් උත්තේජක ලබා ගත් බවට අනාවරණය වී ඇත්තේ 2011 වසරේ සිට 2014 දක්වා කාලයේදීය. එහෙත් මෙම තහනම් උත්තේජන නීති උල්ලංඝණය කළ බවට එම ආයතනය වෙත දැනුම් දී ඇතතේ ඉන් වසර 10කට පමණ පසුව එනම් 2021 වසරේ අවසන් කාලසීමාවේදීය.
මෙම සිදුවීම් අතරින් එක්සිදුවීමක් USADA මගින් කිසිදු ප්‍රසිද්ධ කිරීමකට ලක් නොකර හෝ කිසිදු දඩුවමක් පැනවීමකින් හෝ තොරව රහසිගතව පවත්වාගෙන ගොස් ඇතැයිද චීන මාධ්‍ය පවසයි.
එසේම එම ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වන තෙක්ම අනෙකුත් ක්‍රීඩකයන් සමගින් තරවැදීමටද එම ආයතනය අවසරය ලබාදී තිබූ බවත් සඳහන් වෙයි. එහෙත් WADA ආයතනය පෙන්වා දෙන ආකාරයට මෙම කරැණු කිසිදු අවසථාවකදීවත් ප්‍රසිද්ධ නොවුණු බවත්, එම ක්‍රීඩකයා ලබාගත් ප්‍රතිඵල අහෝසි කිරීමක් හෝ ලබාදුන් ත්‍යාග මුදල් ආපසු ලබා ගැනීමක් හෝ කිසිදු තරග තහනමක් පැනවීමක් හෝ සිදු නොකළ බවත් පැවසෙයි.
මේ අතර අදාළ රොයිටර් පුවත් සේවයේ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති USADA හි ප්‍රධාන විධායක නිලධාරී ට්‍රැවිස් ටයිගාර්ට්, WADA හි මෙම චෝදනාවන් අසත්‍ය චෝදනා බව සඳහන් කර සිටියි. එහෙත් එම් අතරින් එක් සිදු වීමක් සම්බන්ධ අනාවරණය වූ තොරතුරු පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පරීක්ෂණ සඳහා දායක කරගත් බවත් පවසා තිබේ.
එසේම WADA මගින් සඳහන් කරන නීති උල්ලංඝණය කිරීම් සහ සම්බාධක පැනවීම් යනාදීය පිළිබඳව කරැණු දක්වා ඇති ඔහු මෙම චෝදනා පැහැදිලි නොමැති බව පවසා තිබෙ. එහෙත් ටයිගාර්ට් අසත්‍ය ප්‍රකාශ කරන බව තමන්ට තමන්ට සක්සුදක් සේ පැහැදිලි වන්නේ යැයි චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මේ අතර පසුගිය ජූනි 20 වැනිදා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය (AP) මගින් Olympic sprinter Knigton allowed to run at US trials after contamination case යනුවෙන් ප්‍රසිද්ධ කළ පුවතකට අනුවද ඔලිම්පික් ක්‍රීඩක නයිටන් හට තහනම් උත්තේජක චෝදනා තිබුණද තරග වැදීම සඳහ් අවස්ථාව ලබාදී ඇතැයි අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ ටයිගාර්ට්, “තහනම් උත්තේජක භාවිත කළ බවට ඔප්පු වූ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු නීතිමය ආකාරයට තමයි අපි කටයුතු කළේ. එහිදී නීති රීති මගින් පනවා තිබෙන කාරණා සාක්ෂාත් කරමින් යම් සාධාරණයක් ඉෂ්ට කිරීමට සහ විනිවිදභාවයක් පැවැති බව සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්.“ යනුවෙන් පවසා තිබුණි.
කෙසේ වෙතත් මෙහිදීද USADA මගින් නීති පොත පරිශීලනය කරන බව පෙන්නුම් කිරීමට උත්සාහ කළද, ඔවුන් එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම වළක්වා ගැනීමට මෙන්ම එම චෝදනා ලැබූ ක්‍රීඩකයන් වෙත කිසිදු දඩුවමක් පැනවීමට කටයුතු නොකළ බවත් චීන මාධ්‍ය සඳහන් කරයි.
මෙහිදී ටයිගාර්ට් විසින් ආහාර විෂවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි පවසන එම මාධ්‍ය එම කරැණු අසත්‍ය බවත් USADA ආයතනය යනු සැබෑම මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවන් බවටත් චෝදනා කර සිටියි.
එහිදී විනිවිදභාවය සම්බන්ධයෙන් අදහස් දක්වන එම ආයතනය 2021 වසරට පෙර එය කොහේ තිබුණේදැයි චීන මාධ්‍ය ප්‍රශ්න කරයි. එහිදී දරැණු නීති උල්ලංඝණය කිරීම් රැසක් සිදු වූ බවටදැන දැනම එම ආයතනය නිහඬව සිටි බවත්, ඒ අනුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසත් චීන මාධ්‍ය USADA වෙත අවධාරණය කර සිටියි.
Leave a Reply