ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ලබනවා. මෙහිදි සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා. අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.

පළමුවන පාර්ලිමේන්තුවේ එනම් නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමුවන සභාවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලදි. එය උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසිනි. එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන ලදී.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව පවතින පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. වාරාවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒ වන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලියන් තාවකාලිකව නතරවීම සිදුවෙනවා. එවැනි වාරාවසාන කිරීමකින් අනතුරුව නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත්ත කිරිම සිදුවේ.

එසේ නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කිරීම සිදුවනවා. ඒ අනුව, දෙවැනි  පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) තුන්වන සභාවාරය දෙවැනි එලිසබත් මහ රැජිණ විසින් විවෘත කිරීම විශේෂත්වයකි. 1954 අප්‍රේල් 12 වැනි දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සභාවාරය විවෘත කරන ලදි. එහිදී රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් නොපවත්වන ලදී.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සභාවාරයක් ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි. තවද වත්මන් ක්‍රියාදාමය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාද හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සාමාන්‍යයෙන් සිදු වී නොමැත. 

ඒ අනුව 1978 සැප්තැම්බර් 07 වැනිදා පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලි‌මේන්තුවේ මංගල රැස්වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ප්‍රථම වරට ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පසු කාලීනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් උත්සවාකාරයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව විවෘත කරන ලද අවස්ථා පාර්ලිමේන්තු වාර්තා අනුව දක්නට ලැබේ. එසේම මංගල රැස්වීම්  ආරම්භයේදී ජනාධිපති විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් නොකරපු අවස්ථා ද දක්නට ලබන අතර, කෙසේ වූවද එක් අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වීම ද සිදු වී ඇත.

2020 අගෝස්තු 20 වැනිදා ආරම්භ වූ නවවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය එලෙස පවත්වන ලදී. 2020 අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් මගින් එම විවාදය පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන්ද ඡන්ද විමසීමක් සිදු නොවීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කර ලබනවා. මෙහිදි සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබනවා. අතීතයේ මෙය හඳුන්වනු ලැබුවේ රාජාසන කථාව නමින් වන අතර එය ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාණ්ඩුකාරවරයා විසින්.

පළමුවන පාර්ලිමේන්තුවේ එනම් නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළමුවන සභාවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලදි. එය උත්සවාකාරයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසිනි. එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන ලදී.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව අනුව පවතින පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. වාරාවසාන කිරීමකදී පාර්ලිමේන්තුව තුළ ඒ වන විට පැවති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභා ගර්භය තුළ සිදුවෙමින් පැවති සියලු ක්‍රියාවලියන් තාවකාලිකව නතරවීම සිදුවෙනවා. එවැනි වාරාවසාන කිරීමකින් අනතුරුව නව සභාවාරය ආරම්භ වන අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත්ත කිරිම සිදුවේ.

එසේ නව සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කිරීම සිදුවනවා.ඒ අනුව, දෙවැනි  පාර්ලිමේන්තුවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) තුන්වන සභාවාරය දෙවැනි එලිසබත් මහ රැජිණ විසින් විවෘත කිරීම විශේෂත්වයකි. 1954 අප්‍රේල් 12 වැනි දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සභාවාරය විවෘත කරන ලදි. එහිදී රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් නොපවත්වන ලදී.

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සභාවාරයක් ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි. තවද වත්මන් ක්‍රියාදාමය අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාද හෝ ඒ පිළිබඳ ඡන්ද විමසීමක් සාමාන්‍යයෙන් සිදු වී නොමැත. 

ඒ අනුව 1978 සැප්තැම්බර් 07 වැනිදා පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රථම පාර්ලි‌මේන්තුවේ මංගල රැස්වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර, ප්‍රථම වරට ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පසු කාලීනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම් උත්සවාකාරයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව විවෘත කරන ලද අවස්ථා පාර්ලිමේන්තු වාර්තා අනුව දක්නට ලැබේ. එසේම මංගල රැස්වීම්  ආරම්භයේදී ජනාධිපති විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් නොකරපු අවස්ථා ද දක්නට ලබන අතර, කෙසේ වූවද එක් අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය පැවැත්වීම ද සිදු වී ඇත.

2020 අගෝස්තු 20 වැනිදා ආරම්භ වූ නවවැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය එලෙස පවත්වන ලදී. 2020 අගෝස්තු 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් මගින් එම විවාදය පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන්ද ඡන්ද විමසීමක් සිදු නොවීය.

0 comments

Leave a Reply

Post Comment