සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ නිර්මාණකරුවන් පිළිබඳව කතාබහක් නිර්මාණය වන්නේ ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන නිර්මාණයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමත් සමගිනි. බයානි ඩී. ලියොන් නම් වූ සිතුවම්කරුවෙකු පිළිබඳවද සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබේ. ඔහු විසින් සිතුවම් කරන සිතුවම් අලුත් සංකල්පයක් ඔස්සේ නිර්මාණය වීමත් එයට හේතු වී තිබේ. නිර්මාණයක් පිළිබඳව දකින කෝණය ඔස්සේ බොහෝ දෙනෙකු විවිධ මත පළකරනු ලැබුවත් මෙම සිතුවම්කරුවාගේ නිර්මාණ හැකියාව අගය කළ යුතුම කරුණකි.
1970 වසරේ උපන් ඔහු පිලිපීන ජාතිකයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසුව Fine Arts පිළිබඳව අධ්‍යාපනය ලබා තිබේ. ඒ මැනිලාහි පිහිටි Santo Tomas නම් විශ්වවිද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කැලිෆෝනියාවේ පිහිටි විශ්වවිද්‍යාලයක් වන Berkeleyහි චිත්‍ර කලාව (Portraiture) පිළිබඳව අධ්‍යාපනය හදාරා තිබේ. එම අධ්‍යාපනයෙන් පසුව නිදහස් පරිගණක නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කර තිබේ.
වසරකට පමණ ආසන්න කාලයක් පරිගණක නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කරනු ලැබූ බයානි ඉන්පසුව Technical Illustrator සහ Professional Portrait නිර්මාණ ශිල්පියෙකු ලෙස සේවය කර තිබේ. මේ කාලවකවානු තුළ සිතුවම් කලාව ඔස්සේ ඔහුට යමක් ඉදිරිපත් කිරීමට බොහෝ අවශ්‍යතාවක් තිබුණු බව සඳහන් වෙයි. එහිදී සිතුවම් කලාවට අලුත් සංකල්පයක් හඳුන්වාදීමට ඔහුට හැකියාව ලැබී තිබේ. ඔහු සිතුවම් කරන නිර්මාණවලට අලුත් වූ සංකල්පයක් හඳුන්වා දීමට ඔහුට අවස්ථාව උදා වුණි. එහිදී ඔහු සිතුවම් කරනා සිතුවම්වල කටුසටහනේ ඉරි කම්පනය (vibrant shades) වූ ආකාරයෙන් සිතුවම් කරනු ලැබීය. එහිදී ඒ සඳහා වර්ණ එකතු කිරීමත් සමගින් එම සිතුවමට නවමු පෙනුමක් ලබාදීමට හැකියාව ලැබූ බව බයානි සඳහන් කරයි.
බයානිගේ මෙම හැකියාව සහ ඔහු විසින් හඳුන්වා දුන් මෙම නිර්මාණ සංකල්පය බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ. ඉන්පසු ඔහු තමන්ගේ මෙම නිර්මාණයන් (සිතුවම්) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කරමින් ඒකපුද්ගල ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එම ප්‍රදර්ශනයෙන් පසුව ඔහුගේ නිර්මාණ සඳහා බොහෝ ප්‍රසිද්ධයක් හිමි වූ අතර, එම නිර්මාණයන්ද අලෙවි කිරීමට හැකියාව ලැබී තිබුණි. එලෙස තමන්ගේ මෙම vibrant shades නම් වූ නිර්මාණ කලාව ලොව පුරා ගෙනයමින් තමන්ගේ නිර්මාණ හැකියාවට වටිනාකමක් දීමට බයානිට හැකියාව ලැබුණි.
Leave a Reply