වර්ෂයක ආරම්භයේ තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගැනීමට අරමුණු කර ඇති ව්‍යාපාරික ඔබ සඳහා මෙම යෝජනා ගෙන එනු ලබනුයේ ‘Business Consultation’ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ‘SBS Consultants’හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසිනි.

01) Get Mobile Friendly

ඔබගේ ව්‍යාපාරයේ Website එක ජංගම දුරකථන හරහා ඉතා කාර්යක්ෂම ලෙස පරිශීලනය කරගත හැකි ආකාරයට %Optimizing^ කිරීම තුළින් ඔබගේ ව්‍යාපාරයට ඉතා ඵලදායී වාසි රැසක් අත්කරගත හැකිය. ඉතා ප්‍රබල වාසිය වනුයේ ලෝකයේ පාරිභෝගිකයන් ‘Online Shopping’ සඳහා ගතකරන කාලයෙන් 66%ක් Smart phones යොදාගෙන භාවිත කිරීමයි. 

තවද පාරිභෝගිකයන් Online Shopping සඳහා Smart phone භාවිත කිරීමේ නැඹුරුව වසරින් වසර ඉහළ යන බව විශේෂඥයන් අනුමාන කර ඇත. මෙහි ඇති තවත් වාසියක් වනුයේ පාරිභෝගිකයන් Smart Phones යොදාගෙන දත්ත පරික්ෂා කිරීමට (Search) වැඩි නැඹුරුවක් දක්වන අතර, ලෝකයේ රටවල් 10ක පාරිභෝගිකයන් Google Search කිරීම සඳහා Computers වලට වඩා Mobile Devices භාවිත කිරීමත්ය. මෙහි ආර්ථික වාසිය වනුයේ භාණ්ඩ හා සේවා පිළිබඳ Mobile  Search වලින් 70෴ක ප්‍රමාණයක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමකින් අවසන් වීමයි.

ඉහත සඳහන් දත්ත හා කරුණු සලකා බලන කල Mobile Optimization මගින් ඔබගේ ව්‍යාපාරයට ඉතා ප්‍රබල ආර්ථික වාසි රැසක් අත්පත් කරදෙයි. ඔබගේ ව්‍යාපාරයේ වෙළෙඳ නාමය ප්‍රචලිත කිරීමටත්, (Brand Building) Traffic Generating වලටත් ඉතා ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීමටත්, පාරිභෝගික සම්බන්ධතාව (Customer Relationship) ශක්තිමත් කිරීමටත් Google Search තුළ ඉහළ Rankings ලබාගැනීමටත් Mobile Optimization දායක වේ.

02) Improve Your Email Marketing

ලෝකයේ 89%ක අලෙවිකරුවන් සඳහන් කරනුයේ Lead Generation සඳහා Email ප්‍රබල ලෙස දායක වන බවයි. තවද ඔවුන් තවදුරටත් සඳහන් කරනුයේ ඔවුන්ගේ ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමට Email ඉතා ඵලදායී හා කාර්යක්ෂම මාධ්‍යයක් වන බවයි.
අලෙවිකරුවන් පමණක් නොව පාරිභෝගිකයන්ද Email තම අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉතා සාර්ථක මාධ්‍යයක් බව සඳහන් කරන අතර, පාරිභෝගිකයන්ගෙන් 72%ක ප්‍රමාණයක් සඳහන් කරනුයේ ‘Email, ව්‍යාපාර සමග සන්නිවේදනය කිරීමේ ඉතා ප්‍රියජනක මාධ්‍යයක් වන බවයි. තවද 61%ක් පාරිභෝගිකයන් තවදුරටත් සඳහන් කරනුයේ ඔවුන් සතිපතා ව්‍යාපාරවලින් Promotional Emails දැකගැනීමට කැමැත්තක් දක්වන බවයි. මේ අනුව බලන කල Emails, ව්‍යාපාරයකට තම ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස යොදාගත හැකියි.

03. Fine tune your customer service

පවතින ව්‍යාපාරය ඉතා සාර්ථකව කරගෙන යාමටත්, අනාගත ව්‍යාපාර අවස්ථා වෙත සාර්ථකව ළඟා වීමටත්, ඉහළ ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් පාරිභෝගිකයන් වෙත ලබාදීමටත් සෑම ව්‍යාපාරයක්ම අදිටන් කරගත යුතු වේ.
ඉහළ ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් ලබාදීම තුළින් තම ව්‍යාපාර නාමය පාරිභෝගිකයන් තුළට %Word of Mouth^ තුළින් ඉතා සාර්ථකව ගෙන යෑමට හැකි වන අතර පාරිභෝගික සම්බන්ධතාව (Customer Relationship) ශක්තිමත් කිරීමට ව්‍යාපාරයකට හැකිවේ.

නමුත් අසාර්ථක හා අසතුටුදායක පාරිභෝගික සේවාවන්හි භයානක තත්ත්වය වනුයේ එය ව්‍යාපාරයේ කීර්ති නාමයට ප්‍රබල හානි සිදුකරන බැවිනි. දත්ත ගෙනහැර දක්වන ආකාරයට පාරිභෝගිකයන්ගෙන් 71%ක ප්‍රමාණයක් අසතුටුදායක පාරිභෝගික සේවාවන් සැපයීම නිසා ව්‍යාපාර හා පවතින සම්බන්ධතාව නවතා දමයි. 

මෙම තත්ත්වය තවදුරටත් ගෙනහැර දක්වයි නම් ව්‍යාපාරයක අසතුටුදායක පාරිභෝගික සේවාවන් නිසා පාරිභෝගිකයන් එම ව්‍යාපාරවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීම නවතා දමන අතර, එම ව්‍යාපාරවල තරගකරුවන්ගෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පෙලඹේ. මෙම ප්‍රමාණය පාරිභෝගිකයන්ගෙන් 61%ක ප්‍රමාණයක් වේ.

පහත සඳහන් කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම තුළින් ව්‍යාපාරයකට ඉතා සාර්ථක හා ඉහළ ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් ලබාදිය හැකියි.

  • Professionalism
  • Communication
  • Active Listening

ඉහළ පාරිභෝගික සේවාවක් සැපයීම තුළින් දැනට ව්‍යාපාරය  තුළ පවතින පාරිභෝගික පිරිස තවදුරටත් ව්‍යාපාරය තුළ  රඳවා ගැනීම ව්‍යාපාරයකට ඉහළ ආර්ථික වාසි රැසක් ලබාදෙයි. මක්නිසාදයත් නව පාරිභෝගිකයෙක් ව්‍යාපාරය තුළට ළඟා කර ගැනීම සඳහා දරන පිරිවැය දැනට ව්‍යාපාරය තුළ සිටින පාරිභෝගිකයෙක් තවදුරටත් ව්‍යාපාරය තුළ රඳවා ගැනීමට දරන පිරිවැයට වඩා හත් ගුණයක් වන බැවිනි.
දත්ත ගෙනහැර දක්වන ආකාරයට පාරිභෝගිකයන්ගෙන් 58෴ක ප්‍රමාණයක් ඉහළ පාරිභෝගික සේවාවක් සපයන ආයතනවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට වැඩි මුදලක් ගෙවීමට කැමැත්තක් දක්වයි.

4.Meet Customers in Person

21 වන සියවසේ Digital World එක තුළ  පාරිභෝගිකයන් මුහුණට මුහුණලා මුණ නොගැසී ව්‍යාපාර කිරීමට ප්‍රබල නැඹුරුවක් මෑත කාලයේ දැකගත හැකියි. නමුත් පාරිභෝගිකයන් මුණගැසීම තුළින් පාරිභෝගික සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීමට ව්‍යාපාරවලට හැකිවන අතර, ව්‍යාපාරවලට පහත සඳහන් මාධ්‍ය පාරිභෝගිකයන් මුහුණට මුහණලා මුණගැසීමේ අවස්ථා සඳහා යොදාගත හැකියි.

  • Host meet ups
  • Workshops
  • Informal get - togethers
  • Spend time on the ground floor

පාරිභෝගිකයන්  මුහුණට මුහුණලා මුණගැසීම තුළින් ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවාවල ගුණාත්මක භාවය, පාරිභෝගික සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රබල කථිකාවක් පාරිභෝගිකයන් සමග ඇතිකරගත හැකිවන අතර, එමගින් ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවාවල මෙන්ම පාරිභෝගික සේවාවන්හි ගුණාත්මක භාවය වර්ධනය කරගත හැකි වේ.

5. Stay up to date on marketing innovations

වසර 2000 මූලික අවධියේ සිට අලෙවිකරණයේ (Marketing) සැලකිය හැකි හා ප්‍රබල වර්ධනයන් සිදුවෙමින් පවතින අතර, ව්‍යාපාර තම ව්‍යාපාරවල වර්ධනයත් සමග පාරිභෝගික ප්‍රජාව සමග සම්බන්ධතා පැවැත්වීමේ නව ක්‍රම (Innovative Ways  to connect with customers)වලට යොමුවීමේ ප්‍රබල නැඹුරුතාවක් දක්වයි.

ව්‍යාපාර තම ව්‍යාපාරවල පාරිභෝගික ප්‍රජාවට (Customer segment) ගැළපෙන පරිදි නව උපාය මාර්ග (New Strategies) පාරිභෝගික ප්‍රජාව සමග සම්බන්ධතා පැවැත්වීම සඳහා යොදාගත යුතුයි.

උදාහරණ ලෙස,

  • Developing a social media presence
  • Growing and maintaining an email list
  • Running a company blog

තවද ඉතා මෑත කාලීනව ලොවට හඳුන්වා දුන් හා ලොව තුළ භාවිත වන

  • Virtual Reality
  • Artificial Intelligence
  • Voice Search ක්‍රම ව්‍යාපාරයකට තම පාරිභෝගික ප්‍රජාව වෙත ළඟාවීම සඳහා භාවිත කළ හැක.

(මූලාශ්‍ර DreamHost)

0 comments

Leave a Reply

Post Comment