ලොව ප්‍රථම වරට සාර්ථක අයුරින් ගර්භාෂ බද්ධකිරීමක් සිදු කරනු ලැබුවේ ස්වීඩන් වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ගර්භාෂගත රෝග හේතුවෙන් හා විවිධ ආබාධ නිසා ගැබ් ගැනීමට නොහැකි වූ කාන්තාවන් 09 දෙනෙකුට ඔවුන්ගේ ඥාතී කාන්තාවන් විසින් දන් දුන් ගර්භයන් බද්ධ කිරීම් පරීක්ෂණ සැත්කම් ආරම්භ වූයේ 2012 වසරේ සිටය.
කොහොම නමුත් සාර්ථක වී ඇති මෙම ගර්භාෂ බද්ධ කිරීම් සැත්කමට ලක්වූ කාන්තාවකට සාර්ථක අයුරින් දරු පිළිසිඳගැනීමක් සිදු කරන්නටත් එම වෛද්‍යවරු සමත්ව ඇති බව යාහු පුවත් සේවය වාර්ථා කර තිබෙනවා.
ඒ අනුව බද්ධ කරන ලද ගර්භයකින් මෙළොව එළිය දකින ප්‍රථම දරු උපත සිදුවීමට තවත් මාස නවයකදී හැකි වනු ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා. මෙම බද්ධ කරන ලද ගර්භාෂයන් පැලෝපීය නාලයට සම්බන්ධ නොවන නිසා කෘත්‍රිම සංසේචනයට ලක් කර ඇතිකරගත් කළල තැන්පතුවක් සිදුකර ඇති බවත් වාර්ථා වෙයි.
මෙම නවතම තත්ත්වය මත ඉදිරියේදී ගර්භාෂගත රෝග තත්ත්වයන් නිසා මව් පදවිය ලැබීමට නොහැකි යැයි තැවෙන කාන්තාවන්ට සැනසුම් සුසුම් හෙළීමට හැකි වාතාවරණයක් උදාවේවි යැයි අපේක්ෂා කිරීමට පුළුවන.