සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය දැනුම, කුසලතාවයන්, සංවර්ධනය සහ නිපුණත්වයන් දියුණු කර මෙරට රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතනවලින් ප්‍රරතිකාර සහ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට සහ ජනතාවට විශිෂ්ට, ගුණාත්මක සේවාවක් නිරතුරුව ලබා දීම අරමුණ කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ යටතේ වෛද්‍යවරුන් සදහා පවත්වනු ලබන පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවා මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු ඒකකය මගින් සංවිධානය කරනු ලැබී ය. පුහුණු වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නිරත වෛද්‍යවරුන් 150 කට අධික පිරිසක් සහභාගි වී සිටින ලදී.
වෛද්‍යවරුන් සදහා ආරම්භ කරන ලද මෙම පුහුණු වැඩසටහන ඉදිරියේ දී දිවයින ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුහුණු ඒකකය කටයුතු යොදා ඇත. ( I J )
Leave a Reply