මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම පුද්ගලයා තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන තම ගෝලයකු වන බව පොලිසිය සඳහන් කරයි.
හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රන් මල්ලී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් කීපදෙනා අතුරින් අයෙක් බවයි පොලිසියේ සඳහන් කරන්නේ.
එකී මුදල මෑත ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබී පොලිසිය සිදු කළවැටලීමකදී සොයාගත් වැඩිම මුදල බව වැඩ බලන පොලිස්පති පොලිස්පති. ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය
දඹුල්ල කුරුණෑගල මාර්ගයේ කිරි වවුල තෝරා යාය ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් (16) වෙනි දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රියදුරු අසුන යට බෑගයක තිබූ රුපියල් දෙකෝටි 35 ලක්ෂයක මුදලක් සහ මැණික් පාෂාණ කොටස් 35 ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් සමත් විය
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු පදිංචිව සිටි අංගමුව නිවසේ සේප්පුවක් තුළ බහා තිබූ රුපියල් 25 කෝටි 98 ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන තිබිණි.
එම සේප්පුවද මිලදී ගත්තේ රන්මල්ලි නැමැත්තාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ තුනක මුදලක් වැය කර බව සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීමේදී විදේශ ගතව සිටින රන් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත එම මුදල් වලින් මැඩගස්කරයේ මැණික් මිලදීගෙන එම මුදල් සුදු කිරීමට සැකකරු සූදානම් වෙමින් සිට ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පාසල් වී සිටම රන් මල්ලි නැමැත්තාගේ මිතුරෙකුලෙස සමීපව ඇසුරු කර දැඩි විශ්වාසයක් ගොඩ නගාගෙන සිටීම හේතුවෙන් රන්මල්ලි එම පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබා ගැනීමට හැකියාවක් පවතිනවාද යන්න පිළිබඳ විමසා ඇතැයිද ඊට එකඟවීමෙන් අනතුරුව එලෙස මුදල් තබා ගැනීම තමන් වෙත භාරදුන් බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එම පුද්ගලයා රන් මල්ලිගේ උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් ලැබෙන කෝටි ගණනින් ලැබෙන මුදල් තමන් සතුව තබාගෙන රන් මල්ලි ලබාදෙන උපදෙස්මත වෙනත් පුද්ගලයන්ට ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අයුරින් තමන්ට නොයෙක් පුද්ගලයන්ගෙන් රන් මල්ලිගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත් ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබා දීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරින් ඉදිරියේ තවදුරටත් පැවසූ බව අනාවරණය වේ.
සමහර අවස්ථාවලදී රන් මල්ලි සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩ හරහා එවන ස්ථානවලට ගොස් මුදල් සහ පාර්සල් තබා එන බවත් ඔහුගේ උපදෙස්මත වෑන් රථයක් සහ කැබ් රථයක් කෝටි තුනකට අධික මුදලක් වියදම් කර මිලදී ගත් බවත් සැකකරු තවදුරටත් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.
එලෙසම රන්මල්ලිගේ උපදෙස් මත සැකකරු මැණික් ව්‍යාපාරික ලෙස මෙරට ලියාපදිංචි වී ඇතැයිද පොලිසිය කියයි.
ඒ අනුව මෙරටින් මැණික් මිලදීගෙන එම මැණික් ගල් මැඩගස්කරය බලා රැගෙන ගොස් එරට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සූදානමින් සිටි බවද සැකකරු වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව මෙපමණ මුදල් ප්‍රමාණයක් තිබෙන බවද ඔහුගේ බිරිඳට දැන නොසිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂවරයාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.
Leave a Reply