අමාත්‍යාංශ 11ක පවතින ආයතනවල හා පළාත් සභා පහක පවතින පුරප්පාඩු සඳහා 2,003 දෙනෙකු බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබුණි.
එම කමිටුවේ නිර්දේශ අනුව හාරදහස් නවසිය අසූහතක් බඳවා ගැනීමට අදාළ කමිටුව නිර්දේශ නිකුත් කර තිබේ.
මේ අනුව අදාළ බඳවා ගැනීම් යටතේ 2,003ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ අනුව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට 101ක් හා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා 294ක්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා 184ක්, අධිකරණ අමාත්‍යාංශය 276ක්, ස්‍යෙඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා 718ක්, පළාත් සභා සඳහා 257ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

0 comments

Leave a Reply

Post Comment