පුරාවිද්‍යාවේ අනපනත් , පොසොන් උත්සවයට බාධාවක් බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවයෙන් තමන් වහන්සේ ඉවත්වන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් අද (26) පැවසූහ.
රාජ්‍ය පොසොන් උත්සවය වත්මන් ආණ්ඩුවේ පූර්ණ සහය ඇතිව පැවැත්වීම සඳහා ආයතන හතළිහක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා මිහින්තලා පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරින් කටයුතු කරන බවද නායක හිමියන් කීහ.
නායක හිමියන් මේ බව කියා සිටියේ ඓතිහාසික මිහින්තලා පුදබිමතුළ පවතින ආරක්‍ෂාව සහ පොසොන් උත්සවය සමයේදී ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩ පිළිවෙළ පිළිබඳව සොයා බැලීම සඳහා එම පුද බිමට පැමිණි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතා වෙත අදහස් දක්වමිනි.
වත්මන් ආණ්ඩුව විසින් කුමන තීන්දු තීරණ ගත්තද මිහින්තලය පුදබිම තුළ තවදුරටත් රාජ්‍ය නිලධාරින් ක්‍රියා කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ සහ එවකට කටයුතු කළ බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ නීතිය බවත් තමන් වහන්සේ පුද බිම තුළ දෙස් විදෙස් බැතිමතුන් සහ සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ විවිධ ආරක්ෂිත වැඩපිළිවෙළවල් ඉවත් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කර ඇති බවද නායක හිමියන් පවසයි.
Leave a Reply