බදුල්ල තෙල්බැද්ද වත්ත පහල කොටසේ  වතු නිවාස පෙලක් නාය යාමේ අවධානමක් හේතුවෙන් එම නිවාස වල පදිංචි පවුල් 2ක සාමාජිකයන් හත්දෙනෙකුට අද  (22) නිවාස වලින් ඉවත් වන ලෙසට උපදෙස් දුන් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල තෙල්බැද්ද වත්ත පහල කොටසේ වතු නිවාස මෙසේ නාය යාමට ලක් වී ඇති අතර එම නිවාස වල බිත්ති ගෙමිදුල ඉරිතලා පුපුරා ගොස්  තාප්පයක් ද කඩාගෙන ගොස් විනාශ වී ඇතැයි හෙතෙම කීය .

නිවාස වලින් ඉවත් වීමට උපදෙස්  දුන් පවුල් සදහා බදුල්ල තෙල්බැද්ද වත්ත පහල කොටසේ තෙල්බැද්ද වත්ත ට අයත්  වතු නිළනිවසක දැනට තාවකාලිකව නතර වීමට පහසුකම් සලසා දුන් බවද බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය .

කෙසේ වෙතත් දැනට බදුල්ල ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමඟ ඒ අවට ප්‍රදේශයේ වතු නිවාස වල ජනතාවට ද දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටි .

මෙම නාය යාමට ලක්වී තිබෙන බදුල්ල තෙල්බැද්ද වත්ත පහල කොටසේ වතු නිවාස පිහිටි ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිළධාරින් විසින් පරික්ෂා කිරිමට නියමිත බවද  බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසූහ . ( I J)

ඇල්ල ප්‍රසාද් රුක්මල්

0 comments

Leave a Reply

Post Comment