පානදුර පොලිස් වසමේ පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් හා ළමුන් දෙදෙනෙක් දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී එයින් පුද්ගලයන් තිදෙනෙක් බේරා ගැනීමට පානදුර පොලීමියේ ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සමත්ව තිබේ. 

ඊයේ සවස සිදුවූ මෙම දිය අනතුරින් ළමුන් දෙදෙනෙක් අතුරුදන්ව තිබේ. මෙසේ අතුරුදන්ව ඇති ළමුන් දෙදෙනො බණ්ඩාරගම හා හුණුපිටිය ප්‍ර දේශවල පදිංචි අවුරුදු 15 හා 16 වයස්හි පසුවන තරුණයන් වෙයි.

0 comments

Leave a Reply

Post Comment