බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ්  ආසාදිත රැදවියන් 5 දෙනෙකු ඊයේ (1) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

මෙම කෝවිඩ් ආසාදිත රැදවියන් යාපනයේ පිහිටි විශේෂ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ගෙන යාමට කටයුතු සිදු කරන බවද හෙතෙම කීය.

බදුල්ල බන්ධනාගාරයේ හමුවූ කෝවිඩ්  ආසාදිත මෙම රැදවියන්ගේ පළමු ආශ්‍රීතයන් ලෙස හදුනාගත් එම බන්ධනාගාරයේ රැදවියන් 60කට පීසීආර් පරීක්ෂණ ඊයේ සිදු කල බව පවසන බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා මොවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව එම වාර්තා අනුව ඉදිරි කටයුතු සිදු කරන බවද සදහන් කළේය .

ඇල්ල ප්‍රසාද් රුක්මල්

 

 

 

 

 

0 comments

Leave a Reply

Post Comment