ඇය අලෙවිකරණ ක්ෂේත්රයේ ඉහළ තනතුරක නිරත වුවත් ඇයගේ රැකියාවේ පසුබ්ම නිර්මාණය වී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්රය හා ඒකාබද්ධ වෙමිනි. අලුතෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි ආශ්‍රිතව Audio Visual විසඳුම් සැපයීම ඇයගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ශ්‍රවණාගාර ඉදිකිරීමේදී අවශ්‍ය වන සේවා සැපයීම ඉන් මූලික තැනක් ගනී. ස්වෙඩිෂ් ට්‍රේඩින්ග් ඕඩියෝ විෂුවල්^ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ( අලෙවි) වන සුරේනි විදේශිකා සමස්ත කාන්තා පරපුරටම අභිමානයක් වන බැවින් ඇය %Wonder Woman වෙත මෙලෙස එක්කර ගතිමු.
මම ඉගෙන ගත්තේ කොළඹ දේවි බාලිකා විදුහලෙන්. මගේ අරමුණ වුණේ වෛද්‍යවරියක් වීම. ඒ නිසාම මම විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවා. නමුත් වෛද්‍ය පීඨයට පිවිසීමේ අවස්ථාව අහිමි වුණා. ඒ අනුව මගේ අරමුණ මම වෙනස් කරගෙන Marketing කියන ක්ෂේත්රයට පිවිසෙන්න තීරණය කළා.
මොකද මගේ සිහිනයක් තිබුණා මම දියුණුවෙලා, මගේම වාහනයක රැකියාවට ගිහින් මගේ යටතේ සේවකයන් වැඩකරනවා දකින්න. ඒ අනුව මම පාසලට සමුදුන් ගමන්ම වගේ 2006 වර්ෂයේ Swedish Trading ආයතනය සමග සම්බන්ධ වුණා. ඒ Trainee Marketing Executive තනතුරට. මේ රැකියාවට මම සම්බන්ධ වෙද්දී මට කිසිම වෘත්තීය සුදුසුකමක් තිබුණේ නැහැ. මම රැකියාවේ නිරතවෙන අතරතුර තමයි මගේ රැකියාව සම්බන්ධයෙන් ඉහළට යන්න මගේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත්තේ. මගේ පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගන්නා අතරතුර මම Marketing Executive තනතුරටත්, ඉන්පසුව Assistant Manager^ තනතුරටත් උසස්වීම් ලබාගන්නවා.
අපේ ආයතනය මගින් ඉදිකිරීම් හා සම්බන්ධ %Audio visual^ අංශයෙන් සේවා සැපයීමක් තමයි සිදුකරන්නේ. ඉතින් මට Maga, Sierra,sanken වැනි ප්‍රධාන පෙළේ ඉදිකිරීමේ සමාගම් සමග වැඩකරන්නට සිදුවෙනවා. අපේ ආයතනයේ සහකාර කළමනාකාර තනතුරේ සිටියදී %Audio Visual Company^ එකක් විදිහට %fully integrated state of the art Design and built acoustically treated Auditorium project^ එකක් ලංකාවේ පළමු වරට කරන්න අපේ ආයතනය භාර ගන්නවා. එම සංකල්පය මුලින්ම අපේ රටේ ආරම්භ කළේ මම.
Marketing විතරක් නොකර ඉන් එහාට තාක්ෂණික දැනුම ඉගෙන ගෙන කරපු ඒ project එක ගැන නිහතමානී අාඩම්බරයක් මට තිබෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වීම මත මට %Double Promotion^ එකක් ලැබෙනවා මගේ ආයතනයේ %Senior Manager^ තනතුරට.
අපේ රටේ ඉන්න බොහෝ කාන්තාවන් තුළ මම දකින දෙයක් තමයි විවිධ හේතු නිසා තමන්ගේ ජීවිතයේ හොඳම දේවල් අතහරින එක. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අරමුණු වෙනස් වුණාම, විවාහ වුණාම, මවු පදවිය ලැබුණාම අපේ රටේ කාන්තාවන් තමන්ගේ ජීවිතයට වැදගත්ම වෙන දේවල් අතහරිනවා. නමුත් මෙය සුදුසු නැහැ. කාන්තාවක් වුණාම ස්වාධීන විය යුතුයි. මෙයින් මම තමන්ගේ දෙමාපියන් හෝ ස්වාමි පුරුෂයා අභිභවා ඔවුන්ව පාලනය කරගෙන ඉදිරියට යෑමක් මම අදහස් කරන්නේ නැහැ. නමුත් කාන්තාවක් වුණාම තනිව නැගී සිටින්නට පුළුවන් ශක්තිමත් චරිතයක් තමන් තුළින් ගොඩ නගාගත යුතුයි. ඒ සඳහා හොඳම ක්ෂේත්රයක් ලෙස Marketing හඳුන්වන්න පුළුවන්. මොකද මේ ක්ෂේත්රයේ බහුලවම ඉන්නේ පිරිමින්. කාන්තාවක් තමන්ගේ පෞරුෂය ශක්තිමත්ව ගොඩනගා ගන්නවානම් දිගු ගමනක් ගමන්කළ හැකි ක්ෂේත්රයක් ලෙස මේ ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්.
ලංකාව කියන්නෙ හොඳ පෞරුෂයක් තියෙන ගැහැනියකට ඉතාම අරක්ෂිතව දියුණු වෙන්න පුළුවන් රටක්.
සමහර වෙලාවට අැඳුම් පැලඳුම්වලින් ගැහැනු මනින්න ගොඩක් අය උත්සහ කරනවා. ඒත් අපේ පෞරුෂය (personality) ඊට වඩා ගොඩක් ඉහළින් තිබෙන බව එලෙස වැරදි විදිහට හිතන මිනිස්සුන්ට ඔප්පු කරන්න, අපි දැන ගන්න ඕනෙ.
Marketing කියන්නෙ හැම වෙලාවෙම එක එක තරාතිරමෙ මිනිස්සු එක්ක වැඩ කරන්න සිදුවෙන රැකියාවක්. එහි නිරතවෙන අපිට වඩාත් වැදගත් වෙනව අපි නියැළෙන ක්ෂේත්රයේ සියලුම දේවල් පිළිබඳව දැන ගෙන සිටීම. Subject knowledge එක වැඩිදියුණු කර ගත්තම රැකියාවේ නිරතවීම ඉතාම ලේසියි. එවිට අනෙකා ඔබ කියන දේ විශ්වාස කරන තැනට පත්වන්නේ නිතැතින්.
&I am a Multitasker*. මට වැඩ ගොඩක් එකපාර කරන්න පුළුවන් ආකාරයේ ඉතා හොඳ දරාගැනීමේ හැකියාවක් තියෙනවා. මම සතියකට වරක්වත් අවම වශයෙන් blog එකක් ලියන්න උත්සහ කරනවා. වැඩ කරන ගැහැනු අයට ලබාදෙන්න පුළුවන් උපදෙස් මම එහි අන්තර්ගත කරනවා. මගෙ ඉතාම වගකීම් සහගත කාර්යබහුල ජීවන රටාවත් සමග මම සමාජ සේවා වැඩවලටත් පුළුවන් ආකාරයට සහය දෙනවා.
විශේෂයෙන් පරිසරය සම්බන්ධ වැඩවලට මම දායකත්වය ලබාදෙනවා. Marketing කියන්නෙ stressful රැකියාවක්. ඒ නිසා පොඩි විවේකයක් අපිට ඉතාම අවශ්‍යයි. මට නිවාඩුවක් ලැබෙන වෙලාවට මම වනාන්තර ආශ්‍රිතව සංචාරය කරනවා. මම ආසයි Wild Life Photography වලට. ඒ වගේම අලි ගැන නිරීක්ෂණය කරන්න මම ආසයි.
මම ගොඩක් කැමතියි ලොකු දේවල් ගැන සිහින මවන්න. එහෙම සිහින මවලා ඒවා ගැන target තියාගන්න. ඒ target achieve කරන්න. එක එක strategies අත්හදා බලන්න මට මුලින්ම කියල දුන්නෙ මගෙ අම්මා. ඒක තමා ලැබුන මුල්ම Marketing Lesson එක.
මම වෘත්තිමය ජීවිතයේදී හරිම කාර්යබහුලයි. ඇතැම් දිනයන්වල මම සතිඅන්තයේදීත් වැඩ කරනවා. මම නිතරම උත්සහ කරන්නේ රැකියාවේ වැඩකටයුතු නිම කර නිවසට යෑමටයි. මගේ ස්වාමිපුරුෂයා මගේ දියුණුවට කැමැති කෙනෙක්. මම අඩියක් හරි ඉදිරියට ගමන් කරනවාට ඔහු කැමතියි. ඒ සඳහා ලබාදිය යුතු නිදහස, ආශිර්වාදය, සහයෝගය නිරන්තරයෙන්ම ඔහු මට ලබාදෙනවා. මගේ තනතුරේ ස්වභාවය අනුව මට කාර්යාලය තුළට වෙලා දුරකථන ඇමැතුම් හරහා මගේ කාර්ය භාරය ඉෂ්ට කරන්න පුළුවන්. නමුත් මම පුටුවක වාඩිවෙලා ඉන්න කෙනෙක් නෙමෙයි. මම අපේ හැම ව්‍යාපෘතියකටම අදාළ ඉදිකිරීම් ආරම්භ කළාට පසු ඒ ස්ථානයන් නිරීක්ෂණය කරන්න යනවා.
අනෙක් සේවකයන් වගේම මාත් Helmet එකක් දාගෙන හැම තැනටම යනවා. මේ හරහා අපිට පුළුවන් අපේ සේවකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. ඒ වගේම ගැහැනු කෙනෙක් දූවිලි ගොඩක අනෙක් සේවකයන් වගේ බැහැලා වැඩකරනකොට අනෙකුත් සේවකයන්ගේ ආත්ම විශ්වාසය වැඩිවෙනවා. ඒ තුළින් අපේ නිමාව ඉතා සාර්ථකත්වයට පත්වෙනවා.
මගේ අධ්‍යාපනික කටයුතු, පවුල් ජීවිතයේ කටයුතු වගේම රැකියාවේ කටයුතු සමබරව පවත්වාගෙන යන්න මම හැම වෙලාවකම උත්සහ කරනවා.මම තනිවම වාහනේ පදවගෙන ලංකාවේ ඕනෑම තැනක පිහිටි අපි භාරගත් ඉදිකිරීම් තිබෙන වැඩබිම්වලට ගමන් කරනවා. ඇතැම් දිනවල මම පාන්දර දෙකට පවා නිවසෙන් පිටත්වෙලා දුර ප්‍රදේශවලට යනවා.
මම ගෙදර ආවම මම මගේ රැකියාව අමතක කරලා ගෙදර කටයුතුවලට ලබාදිය යුතු අවධානය ලබාදෙනවා. අද මම වෘත්තීමය ජීවිතයේ රැඳී සිටින තැන ගැන ඉතාම සතුටු වෙනවා. මොකද මම පොඩිම තැනේ ඉඳලයි මේ වගේ දුරකට ආවේ. ඒ වගේම තවත් ඉහළට යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගැහැනියක ලෙස තවත් ගැහැනියකගේ ඕනෑම ප්‍රශ්නෙකට, ඒ ගැන ලෝකෙටම කියන්නෙ නැතුව උදවු කරන්න පුළුවන් වෙන්න ඕන කියන එකයි මම දකින්නේ.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු / නදීශානී පතිරණ