‘දුක (Stress) අපේ සිතෙහි ඇති වීමට හේතු කාරණා දෙකක් තිබෙන බව ඔබට අපි පැවසුවෙමු. ඉන් පළමු වැන්න වන්නේ පිටත දේ මුල්කරගෙන හට ගන්නා ඝට්ටනයි. එය තව දුරටත් පැහැදිලි කළහොත් බාහිර සාධක නිසාවෙන් ඇති වන වෙනස්කම් ලෙස පෙන්වා දිය හැකිය. මෙය බුදු දහමේ පැවසෙන්නේ ‘‘&යම් පිච්ඡුංන ලභති තම්පි දුක්ඛං’’ (කැමති දේ නොලැබීම) ලෙසයි.
මෙය තව දුරටත් පැහැදිලි කළහොත් ‘‘පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ’’ ප්‍රියයන්ගෙන් වෙන් වීම, අප්රියන් සමග එක්වීමයි. අනෙක් බාහිර සාධකය ලෙස ස්වාභාවික ධර්මතා (අනිත්‍යතාව, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය) යනුවෙන් පෙන්වා දිය හැකිය.
දුක (Stress) ඇතිවීමට හේතු පාදක වන දෙවැනි කරුණ වන්නේ සිත ඇතුළේ හට ගන්නා ඝට්ටනයි. මෙය කෙනෙකුගේ විචාර බුද්ධිය හා චිත්තවේග මුල්කර ගනිමින් හටගන්නවා. හරි වැරදි, හොඳ, නරක බුද්ධියට ගෝචර වුවද නිතරම කෙනෙකුගේ බුද්ධිය යටපත් කරන්නට චිත්තවේගයට හැකියි. ආශාව, රාගය, තරහව, භය යන චිත්තවේගයන් බුද්ධිය යටපත් කරමින් නැගිටිනවා.
මෙහිදී හොඳ, නරක, හරි, වැරැද්ද, තැන, නොතැන ගැන බුද්ධිමය විමසුම නැතිවෙලා ආවේගය ඉස්මතු වෙලා ඇතිකරන්නේ දුකක්. මෙහිදී තමන්ගේ සිතැඟි පරිදි කාරණා ඉටුකර ගැනීමට නොහැකි වීම &‘‘යං පිච්ඡුං න ලබති තම්පි දුක්ඛං’’ යන්නට මෙහිදීද අදාළ වෙනවා.
සිත තුළ ඇතිවන මෙම ඝට්ටනයන් නිසා මානසිකව මෙන්ම කායිකවද විවිධ පීඩාවන් ඇති කරනවා. මෙම කායික හා මානසික අසහනය බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ ‘‘සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යනුවෙනුයි.
Hans Salye (හෑන්ස් සෙලී) Stress පිළිබඳව මෑත කාලයේදී පරීක්ෂණයක් පවත්වමින් ‘‘Genaral Adaptation Syndrome යන්න යොදා ගනිමින් මෙම Stress යන මානසික පීඩනය හේතු කරගෙන සිතෙහි ඇතිවන ප්‍රතික්‍රියා අවධි තුනක් ලෙස මෙසේ විග්රහ කරනවා.
Alarm Reaction සිය පවුලේ සමීපතමයෙකු මියගිය අවස්ථාවකදී ඇතිවන ශෝකය හා හඬා වැලපීම. මෙය &‘‘ශෝක පරිදේව’’ යනුවෙන් බුදු දහමෙහි සඳහන් වෙනවා. මේ පිළිබඳව තව දුරටත් සඳහන් කළොත්, සාමාන්‍යයෙන් චිත්තයේ ක්‍රියාකාරීත්වයට අප ‘‘හිත යනුවෙන් හඳුන්වනු ලබනවා. වැඩිදුරටත් පැවසුවොත් චිත්තය කියන්නේ අපගේ ආවේග කම්පන ඇති කරන ක්රියාකාරීත්වයයි (මූඩ් එක) .
මෙය හෝමෝනවලින් පාලනය වෙනවා. ‘දරුවෝ හිතට වහල් නොවී බුද්ධියට ඉඩ දීලා වැඩ කරන්න’’ අපේ මුතුන් මිත්තන් නිතරම අපට කිව්වේ අන්න ඒ නිසයි. මෙහිදී චිත්තයේ ඇවිස්සීම වන චිත්තාවේගයනට වහල් නොවී මනසේ ක්‍රියාකාරීත්වය වන බුද්ධියට, කල්පනාවට මුල් තැනදී වැඩ කළ යුතු බවයි. පැවසෙන්නේ. ඒ අනුව මේ ක්රියාකාරීත්වයන් දෙකම එකිනෙකට වෙනස් ක්‍රියාවන් බව තේරුම් ගතයුතු වෙනවා.
Stage Of Resistance මෙම ශෝක කිරීම දිගින් දිගටම වර්ධනය වුවහොත් එය ඝට්ටන අවධිය නමැති දෙවැනි අදියරට පත්වන බව Hans Salye පෙන්වා දෙනවා. මෙය බුදු දහමට අනුව ‘‘දුක්ඛ දොමනස්ස’’ ලෙසින් හඳුන්වනවා.
මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වීම එනම් සිදුවී ඇති ආපදාව අනතුර හෝ මරණය එලෙස සිදුවී ඇතැයි පිළිනොගනිමින්, ආහාර ගැනීමෙන් වැළකෙමින්, රැකියාවන්හි නිරත නොවෙමින් මවාගත් මනෝ ලෝකයක තනිවම සිහින මවමින් තාත්වික ස්වභාවයෙන් (Reality) ශෝකයෙහි ඇලෙමින්ම කටයුතු කරන්නේ නම්, එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ මුළු ශරීරය තුළ අහිතකර හෝමෝන වැඩීමට පටන් ගන්නවා. මෙයින් සිදුවන්නේ ඇඟපත වේදනා වැඩි වෙමින් සිරුර කෘෂ වීමයි.
ඒ අනුව මෙය දුක්ඛ ලෙසත් එමගින් සිදුවන මනසේ රෝගී තත්ත්වය දෝමනස්ස ලෙසත් වැඩිදුරටත් බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දී තිබෙනවා. බටහිර වෛද්‍ය විශේෂඥයන් මෙය හඳුනා න ඇත්තේ Clinical Deperession යනුවෙනුයි.
Stage Of Exhaustion මෙයින් සඳහන් වන්නේ ඉහත දැක් වූ ස්වභාවය දිගින් දිගටම පැවතීමෙන් සිදුවන අනතුරු දායක තත්ත්වයයි. එනම් මානසිකවත්, ශාරීරිකවත් දුර්වල වීමෙන් එම තැනැත්තා සිය දිවි නසා ගැනීමටද පෙළඹිය හැකි බවයි. එසේ නොමැති වුවහොත් සිරුරට අවශ්‍ය පෝෂණය නොමැති වීමෙන් ඔහු හෝ ඇය මිය යෑමද සිදුවිය හැකියි. %උපායාස^ යනුවෙන් බුදු දහමෙහි පෙන්වා දෙන්නේ මේ අවස්ථාවයි. මෙම ‘‘%ක්ලමතය^ හෙවත් (stress) පාලනය කිරීම සඳහා මනෝ විද්‍යාඥයන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් බුදු දහමේ ඉගැන්වීම් අනුව උපයෝගී කර ගන්නා බව සත්‍යක් වී තිබේ. Relaxation, Progressive Relaxation, Visulisation Relaxation Medition, Mindfulness – Based Stress Rducation (MBSR), Acceptance & Commitment Therapy (ACT), Mindfulness Based CognitiveTherapy (MBCT), Dialectic Behavioral Therapy (DBT), Mindfulness With Conventional Cognitive Behavioral Therapy (MCCBT)
ඉහත දක්වා ඇති මනෝ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයනට වඩා මෙයට වසර 2500යකට ඉහතදී අප මහා ගෞතමයාණන් වහන්සේ ‘‘දුක (Stress)නැති කර ගැනීමේ උතුම් සැපත අත්කර ගන්නා අයුරු මහා මංගල සූත්‍රය මගින් ඉතා පැහැදිලිව දේශනා කර තිබේ. මංගල සූත්‍රයේ අවසන් ගාථා පෙළ පිළිබඳව අප විමසුමට ලක් කරමු.
ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්සන කම්පති අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං’’
අෂ්ඨ ලෝක ධර්මතාවය අනුව වෙනස් වෙමින් පවතින දුක, සැප, ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස හමුවේ වුවද, තම චිත්තය කම්පා කර නොගෙන සිටීමට හැකි නම් ‘‘%අසෝකං^ නැතහොත් ශෝකයක් නොමැතිව, ‘‘විරජං නැතහොත් රාගයක්, තණ්හාවක්, ඇලීමක් නොමැතිව, ‘ඛේමං බියක් නොමැතිව සිටිය හැකි නම් ‘‘%ඒතං මංගල මුත්තමං’ උතුම්ම සැපත ළඟා කරගත හැකිය.
දුක (Stress) යන සිත ඇවිස්සීම නැති කර ගැනීම යනු නිර්වාණයයි. නිර් යනු නැත අරුතද, වාණ යනු වැනීම හෙවත් සෙලවීම යන අරුතද ලබාදේ. අට ලෝ දහම අනුව නොසැලෙන කම්පා නොවන මනසක් ඇති කර ගැනීම නිවන අවබෝධ කර ගැනීමයි.
සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ