සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කළ “සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උළෙල” අද (17දා) බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී කැපී පෙනෙන විශේෂාංග ලිපි වාර්තාකරණය වෙනුවෙන් “අද” පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි නාලිකා රාජපක්ෂ සහ මාධ්‍යවේදි නදිශානි පතිරණ යන මහත්මීන් සම්මානයට පාත්‍ර වූ අතර,සෞඛ්‍ය පුවත් වාර්තාකරණය වෙනුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී ටී.ඇන්. සමරජීව මහතා සම්මානයෙන් පිදුම් ලැබීය. 2019 වසරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද මාධ්‍ය වැඩමුළු, මාධ්‍ය සාකච්ඡා ඇතුළු වැඩසටහන් තුළින් ජනතාවට නිවැරදි තොරතුරු වාර්තාකරණයට දායකත්වය සැපයූ ජනමාධ්‍යවේදීන් ඇගයීම උදෙසා මෙම සම්මාන උළෙල පැවැත්විණි.
කැලුම් දේවින්ද / ඡායාරූප - ශමිර රාජපක්ෂ



