කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අද(14දා) ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා ලබා නොදීම නිසා විනාඩි 30 පමණ කාලයක් දුම්රිය ස්ථානයට නුදුරින් නතර කර තිබු අතර,පසුව එම දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබේ.
පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් බස් රථ වලින් පිටත් කර යැවිමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.
මේ අතර බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදි නතර කිරිම නිසා පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් එම දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ධාවනය කර එතැන් සිට මගීන් බස් රථ වලින් පිටත් කර යැවිමට පියවර ගැණින.
මගීන්ගේ සහ දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද කැඳවා තිබුණි.



