‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු’ යන මැයෙන් සමාජවාදී තරුණ සංගමය දිස්ත්රික්ක පුරා සංවිධානය කරන උද්ඝෝෂණ වටයේ පළමු උද්ඝෝෂණය මොරටුව,කටුබැද්ද මංසන්ධියේදී ඊයේ (8දා) දින සිදු කෙරුනි.
ජීවන වියදම අඩු කරන ලෙසත් මැතිවරණයක් පවත්වන ලෙසත් ඉල්ලීම් ප්රමුඛ කර ගනිමින් ඉල්ලීම් රැසක් සම්බන්ධයෙන් පන්දම් අතින් ගෙන ඔවුන් මෙම විරෝධතාවය දැක්වූහ.
තරුණ සංගමේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතාගේ නායකත්වයෙන් සං සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මොරටුව නාගරික මන්ත්රී කණ්ඩායම සහ ප්රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා





