හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදි අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑලිය දිස්ත්රික් ප්රධාන මොටර් රථ පරික්ෂක දමින්ද සේනානායක මහතා විසින් අද (23) දින පරික්ෂාවට ලක් කෙරිණ.
හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස් රථය ප්රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.
මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්රමවේදයක් අනුගමනය කර ඇති බවට මොටර් රථ පරික්ෂකවරයා තහවුරු කරගෙන ඇත.
තවද රියදුරුගේ ආරක්ෂිත බද පටිය නොමැති බවත්, බස් රථය තුල අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවි කර තිබිම නිසා මගින් තිදෙනෙකු මියගොස් මගින් විශාල පිරිසකට බරපතල තුවාල සිදු විමට හේතුව වි ඇති බවද මොටර් රථ පරික්ෂකවරයා පොලිසිය වෙත පැවසිය.
බස් රථයේ ආසන ප්රමිතියකට සවි කර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතල විමට හේතුව වි ඇති බවද මොටර් රථ පරික්ෂකවරයා පැවසිය.
මගි ප්රවාහන වාහන වල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවි කර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්රධාන මොටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරින්ට පැවසිය.
ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද හැටන් පොලිසිය පැවසිය.