මාළු මිලදී ගැනීම හා පරිභෝජනයට මහජනතාව දක්වන බිය මගහැරීම වෙනුවෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු අනුභව කළේය.
ධීවර ප්‍රජාව මේ වන විට දැඩි පීඩාවට ලක්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් කළ යුතු හොඳම දේ මාළු පරිභෝජනයට බිය නොවීම බවත් ඔහු පැවැසීය.
