එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන දිලීපන් නොහොත් රාසයියා පාර්දීපන් නැමත්තාගේ 31 වැනි සැමරුම අද (26දා) යාපනය නල්ලූර් කෝවිල පිටුපස ඇති ස්ථානයකදී දේශපාලන නියෝජිතයන් පිරිසකගේ සහ සාමාන්‍ය වැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි දිලීපන්ගේ ස්මාරකය තිබූ ස්ථානයේ දිලීපන්ගේ ඡායාරූපයක් තබා යාපනය මහනගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් හා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම ආරම්භ කෙරිණි.
1987 සැප්තැම්බර් මස 15 වැනිදා දිලීපන් නොහාත් රාසයියා පාර්තීපන් යාපනය නල්ලූර් කොවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත්වන තුරු සිය උපවාසය අත්නොහරින බවට පවසමිනි.
එම උපවාසය අතරතුරදී කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ද පැමිණ අදාළ උපවාසය නවත්වන ලෙසට ඉල්ලා සිටියද උපවාසය අත්නොහැරීම හේතුවෙන් සැප්තැම්බර් 26 වැනිදා ඔහු උපවාසය අතරතුරදී නිරාහාරව සිට මිය ගියේය.
මිය යන විටත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඔහුට ලුතිනන් කර්නල් තනතුරක් ලබාදී තිබූ අතර, ඔහුව එවකට හැඳින් වූවේ ලුතිනන් කර්නල් දිලීපන් ලෙසිනි.




