අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබුවා. එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව 10.45 සිට 11.30 දක්වා අවකාශ සළසා තිබු අතර මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියේය.


