හැටන් ප්රදේශයට අද (09) දින පස්වරුවේ අයිස් වැස්සක් පතිත වී ඇත.
හැටන් නුවරඑලිය ප්රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්රදේශයට මෙසේ අයිස් වැස්ස පතිත වී තිබේ.
(09) දින පස්වරු 3.30 ට පමණ හැටන් කුඩාගම ප්රදේශයට අයිස් කැට විශාල ප්රමාණයක් වැස්ස සමග විනාඩි 5 ක් පමණ පතිත වු බවයි ප්රදේශවාසින් පවසයි.
අයිස් වැස්ස පතිත විමත් සමග ප්රදේශවාසින් සිය ජංගම දුරකථනයේ අයිස් වැස්ස සටහන් කරගෙන තිබුණි.
අයිස් වැස්සෙන් පසුව හැටන් , නොර්වුඩ් , කොටගල යන ප්රදේශවලට පැයක පමණ කාලයක් අධික වර්ෂාවක් පතිත විය.


