හසලක කෝප්රල් ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ 27 වැනි අනුස්මරණ උත්සවය ඊයේ (14දා) අලිමංකඩ යුද හමුදා කඳවුරේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
මෙහිදී අලිමංකඩ ස්ථාපිත හසලක කෝප්රල් ගාමිණී කුලරත්න ස්මාරකය අභියසදී මහා සංඝරත්නය වැඩම කරවා සර්වරාත්රික පිරිත් සජ්ඣායනයක්ද පවත්වා පසුදා උදෑසන හීල් දානය සහ පිරිකර පූජා කිරීමෙන් අනතුරුව ගුණ සැමරුම් උත්සවයට පැමිණි සියලු දෙනා හසලක ගාමිණී කුලරත්න පිළිරුව අභයසදී අභීත රණවිරුවාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානාධිපති ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ ප්රධාන්වයෙන් පැවති මෙම උත්සවය වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක මහතාගේ අධීක්ෂණය මත 662 බළසේනාධිපති කර්නල් චම්පික රණසිංහ විසින් සංවිධානය කරන ලදී.
හසලක කෝප්රල් ගාමිණී කුලරත්න අභීත රණවිරුවාගේ මෑණියන් වන එස්.ජී ජුලියට් මාතාව, ඔහුගේ සහෝදර සහෝදරියන් සහ ඥාතීන්, සේනාංකාධිපතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.






