හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා මහතා පැවසීය.
එමෙන්ම හම්බන්තොට වරාය දකුණු ආසියාවටම ඵලදායි ව්‍යාපෘතියක් බවත් එමගින් නව නාවික මුහුදු ගමන් මාර්ගයක් ප්‍රවර්ධනය කිරීමට හැකිවූ බව ද ඒ මහතා පැවසීය.
විධිමත් නීතිමය රාමුවක් තුළින් මෙම ව්‍යාපෘතින් කඩිනමින් ක්‍රියත්මක කිරීම චීන රජය බලාපොරොත්තුව බවත් ඔහු පැවැසිය.
ශ්‍රී ලංකාවට නව තාක්ෂණය ලබා දීම, මාර්ග, විදුලිය මෙන් ම පානීය ජල ප්‍රශ්න වලට විසඳුමක් සහ නව රැකියා උත්පාදනය සහාය දීමට චීනය සූදානම් බවත් ඔහු පැවැසීය.
ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග සුහදව මෙන්ම ඉතා මිත්රශීලීව කටයුතු කිරීමට චීන රජයේ අපේක්ෂාව බවද ඔහු පැවැසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිස හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (18දා) පස්වරුවේ දී කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී සිදුවූ හමුවේදී ඔහු මේ බව පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට චීන රජය ලබා දුන් සහායට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.
පසුගිය වසර හතර හමාරක කාලය තුළ තම රජය ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් අඩාල වූ බවත් ඉදිරියේදී පත්වන තම රජයක් තුළින් එම ව්‍යාපෘතීන් කඩිනමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.





