අද පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා එක්වූ දරු දැරියන් සෞඛ්‍ය නිර්දේශ අනුව එම මධ්‍යස්ථාන වෙත පැමිණියේය.
ඡායාරූප ලලිත නවරත්න/ශාන් හුලංනුගේ
VIDEO
ශිෂ්‍යත්ව විභාගය අදයි
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත්වේ. මෙවර විභාගය සඳහා සිසුන් 331,694ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද, පෙරවරු 11 සිට පස්වරු 12.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බැවින් බියකින් තොරව දරුවන් විභාගයට යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබේ.
විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 – 78 52 11 , 011 2 – 78 52 12 දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.