ශීත ඍතුව එළඹීමත් සමගම ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට නව ගුවන් සේවාවක , පළමු යානය 11/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් ගමන සදහා ඊඩ්ල්වයිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර ජල ආචාර පවත්වා පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය තුළ ව්යාපාරික පංතියේ ගුවන් මගීන් 17 දෙනෙකු සහ පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 221 දෙනෙකු සමග ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 13 වශයෙන් 251 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



සුරීච් නුවර සිට ඍජු ගුවන් ගමනක යෙදෙමින් සතියේ සෑම සිකුරාදා දිනකම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම යානය එදිනම උදෑසන 10.05 ට මාළදිවයින මාළේ නුවර ඔස්සේ ආපසු සූරීච් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතය .
මෙම ගුවන් යානා එළඹෙන 2025 වසරේ ජනවාරි මස සිට සතියකට දින දෙකක් වශයෙන් , සිකුරාදා සහ ඉරිදා දින වල සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
එසේම මෙම ශීත ඍතු ගුවන් සේවයේ ගුවන් යානා 2025 වසරේ මැයි මාසය තෙක් ක්රියාත්මක කිරීමට නියමිතය .