පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.
පින්නවල අලි අනාථාගාර ඉතිහාසයේ මෙවැනි ආකාරයේ නිවුන් අලි උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය වෙයි.
අද අලුයම 4.00ට පමණ පළමු අලි පැටවා උපත ලබා ඇති අතර මධ්‍යාහ්න 12.00ට පමණ දෙවැනි අලි පැටවා උපත ලබා තිබේ.
මෙම අලි පැටව් දෙදෙනාම පිරිමි සතු වෙයි.




