තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .
මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 63 ක බටහිර තූර්ය වාදක කණ්ඩායම් 110 ක් සහභාගී වී සිටියහ .
සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් 26 දෙනෙකු සහ ගුරු භවතුන් 03 දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී වීමට තායිලන්තය වෙත ගොස් සිටියහ .
මෙම ජයග්‍රහණය රැගත් මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් 12/18 දින රාත්‍රී තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහ එම සිසුවියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .


