බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා 71 වසරක් අවසන් වූ තැන ශ්‍රී ලංකාවේ සැබෑ යුද ශක්තිය ඊයේ (04දා) ජාතික දින සැමරුමේ දී පළමු වරට ප්‍රදර්ශනය කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුබද්ධව ශ්‍රී ලාංකේය යුද විශේෂඥයින් විසින් නිර්මාණය කළ මල්ටි බැරල් රොකට් ලෝන්චරයක් මෙසේ ප්‍රදර්ශනය කෙරුණා. මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වෙනු ඇති. මෙතෙක් කාලයක් නිදහස් දින සැමරුම් අවස්ථාවලදී අපේ යුද බලය ලෙස විදේශයන්හි නිෂ්පාදනය කළ අවි සහ යුද්ධෝපකරණ ප්‍රදර්ශනය කළ අප මෙවර එක් පියවරක් ඉදිරියට තැබීම ප්‍රශංසනීයයි.