එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.
හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිර යෑමේ උත්සවය පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සඳහා ප්‍රථම වරට ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් 2014 වර්ෂයේදී මධ්‍යම අප්‍රිකාව බලා පිටත්ව යන ලදි
මෙසෛ් පිටත්ව යාමට නියමිත බල පන්තිය සඳහා නිලධාරීන් 18 දෙනෙක්ද සෙසු නිලයන් 92 දෙනෙක්ද ඇතුලත්ව ඇති අතර බලපන්තියේ අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් කේ. එම්. වන්නිආරචිචි මහතා කටයුතු කරයි.






