මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
විජයබාහු පාබළ රෙජිමේන්තුවේ මෙන්ම , වෛද්‍ය , ඉංජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20 ක් සහ සෙසු නිල වලට අයත් 223 යුතු භට පිරිසක් ද මෙම රාජකාරී සදහා පිටත්ව ගියහ.
ඔවුන් රැගෙන යෑම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767- 300 වර්ගයේ ගුවන් යානයක් එවා තිබූ අතර , මෙම ශ්‍රී ලාංකික යුධ හමුදා භට පිරිස රැගෙන , එම ගුවන් යානය 11/13 දින අලුයම 3.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් මාලි රාජ්‍ය බලා පිටත්ව ගියේය. මෙම භට පිරිස වෙත සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



