ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක්‍රියාත්මක කරන ලදී.
එහිදී හමුදා - සිවිල් සහයෝගීතා වර්ධනය කිරිමේ ප්‍රධාන වැඩසටහන් 04 ක් මෙන්ම ඖෂධ ප්රදානය කිරීමේ වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදී.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ, බ්‍රියා නගරය අවට ගම්මාන කිහිපයක වැසියන් හට තම දුක්බර ජීවන ගමනට සහනයක් වන්නටත් යුධ වාතාවරණයට මැදිවූ කුඩා දරු දැරියන්ගේ ළමා මනසට අස්වැසිල්ලක් වෙමින් සුන්දර ළමා මතකයන් රැසක් ඔවුන්ගේ මනසෙහි තැන්පත් කරන්නටත් මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීම තුළින් හැකිවිය.
මෙමගින් වයස අවුරුදු 8 ට අඩු දරු දැරියන් 1000 කට අධික ප්‍රමාණයකට වරප්‍රසාද හිමිවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මගින් ළමා ඇඳුම් සහ පාපන්දු ඇතුළු සෙල්ලම් බඩු විශාල ප්‍රමාණයක් බෙදා දුන් අතර පාසල් දරු දැරියන් 300කට පමණ පාසල් උපකරණ ප්‍රදානයක් ද සිදු කරන ලදී.
ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ සියලුම සාමාජිකයන් විසින් තම දිනක සලාක දීමනාව වැයකොට පෝෂ්‍යදායී ආහාර පාර්සල් 2000 කට අධික ප්‍රමාණයක් ගම්වාසීන් වෙත බෙදා දීමටද මෙම වැඩසටහන් මාලාව තුළදී කටයුතු කරනු ලැබිය.
මෙම හමුදා - සිවිල් සහයෝගීතා වැඩසටහන් මාලාවට අමතරව ඖෂධ ප්රදානය වැඩසටහන් කිහිපයක්ද බ්‍රියා ප්‍රාදේශීය රෝහලේදී පවත්වන ලදී. මෙම ඖෂධ තොගයට හදිසි ජීවිතාරක්ෂක ඖෂධ, ප්‍රතිජීවක, වේදනා නාශක සහ තවත් ඖෂධ කිහිපයක්ද ඇතුළත් විය.
මෙම සියලුම වැඩසටහන් ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රසාංග ද සොයිසා ගේ මගපෙන්වීම යටතේ සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ නැගෙනහිර බලප්‍රදේශයේ හමුදා - සිවිල් සහයෝගීතා නිලධාරී ඊජිප්තු හමුදාවේ මේජර් ඩෝආ අලි ස්මයිල් ගේ උපදේශනය යටතේ සිදුකරන ලදී.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
Upul Galappaththi Friday, 06 September 2019 03:54 PM
ඔබලා මේවගේ අසරණ දරුවන් ටිකකට පිහිට වෙනු දැකීමත් අපට සතුටක්... අපේ විරුවනි ඔබලාට ස්තුතියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd