ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් 'ඒ' සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .
මාපලගම පදිංචි අනුද මිනුල ගජනායක, අකිඳු විරුල ගජනායක, අමිරු සනුල ගජනායක මේ අපූරු නිවුන් සොහොයුරෝ වෙති.්
අනුද ඒ සාමාර්ථ නවයක් ද , අමිරු හා අකිඳු ඒ සාමාර්ථ අට බැගින් හා හා බී සාමාර්ථය බැගින් ලබාගෙනද විභාගය ඉහළින්ම සමත්ව සිටියි.
මේ තිදෙනාම එකට ඉපිද නාගොඩ ප්‍රාතමික විදුහලේ එකට ප්‍රාතමික අධ්‍යාපනය ලැබූ අතර අනුද 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 172 ක් ලැබ ගාල්ල සෙන්ට් ඇලෝසියස් විදුහලටද , ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ලැබ සමත්වූ අකිඳු සහ ආසන්නයටම පැමිණ එම කඩ ඉම අහිමිවූ අමිරු නාගොඩ රාජකීය මහ විදුහලටද 6 ශ්‍රේණියට ඇතුළත්ව ඉගෙනුම ලබා සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්හ.
මෙම තිදෙනාම කලාවට ලැදි අයවන අතර අනුද බටනලා වාදනයට දක්ෂයෙකි.සෙසු දෙදෙනා චිත්‍ර නිර්මාණයට දක්ෂයෝ වෙති.
ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂිත මේ තිදෙනාම ගාල්ල නගරයේ එකම ජනප්‍රිය පාසලකට ඇතුළත් වීමට අපේක්ෂා කරති.
6 ශ්‍රේණියේ සිටම මේ දරුවන් තිදෙනාම දරුවන්ගේ ආශාව අනුව එලෙස එකම පාසලකට ඇතුළත් කිරීමට අපේක්ෂා කළත් ශිෂ්‍යත්ව ලකුණු පදනම හේතුවෙන් එයද ඉටු නොවූ බැවින් මෙවර හෝ එම අපේක්ෂාව ඉටු කර දෙන මෙන් අධ්‍යාපන බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව දරුවන්ගේ පියා වූ රොශාන් ගජනායක මහතා පැවසීය .
බෙන්තොට ජේ.ඉඳුරුවගේ
1.තුන් නිවුන්නු එදා බිළිඳු වියේදී

2 තුන් නිවුන්නු දැන් යොවුන් වියේ

3.අකිඳු හා අමිරුගේ චිත්‍ර

