සාධාරණ මිලට ව්යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න තිස්සහේවාවසම් මහතා විසින් පවත්වනු ලබන වෙසක් භූමිතෙල් දන්සැල 20 වරට මෙවර පැවැත්විණ .
සාධාරණ ස්ටෝර්ස් ඉදරියේ සිට රිදීමාලියද්ද රිටිගහඅරාව ශ්රී වජිරවංශ ධර්මාශ්රමය දක්වා භූමිතෙල් බැරල් ප්රවාහණය කිරීම සිදුවූයේ ලොරි රථයකිනි.
මෙහිදී රිටිගහඅරාව, බලදංගොල්ල , මකුලේමඩ, ඌරාකොට, උඩයාය සහ උකුරැස්සකැටිය යන ගම්මාන වල අඩුආදායම් පවුල් 400 කට මෙහිදී භූමිතෙල් ලබාදුන්නේය. මේ අවස්ථාවට ධර්මාශ්රමාධිපති මාවනාගම ගුණරත්න හිමියෝද සහභාගිවූහ.
ඊට අමතරව දිවයිනේ දිස්ත්රික් 15 දුෂ්කර විහාරස්ථාන 114 ක විදුලිය බිල ගෙවන ඔහු මේ වන විට විදුලිය බිල් ගෙවූ බිල්පත් වන බර කිලෝ 15 කි .
රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් මේ සඳහා වැය කර තිබේ. තමා සාධාරණය උපයන මුදල් මෙසේ පුන්යමය ක ටයුතු සදහා වැය කරන බව ඔහු පවසන්නේය.
පාලිත ආරියවංශ



