2017 වර්ෂයේ දක්ෂතම පාසල් ක්රීඩකයා ලෙස කොළඹ නාලන්ද විදුහලේ සසිඳු කරුණාතිලකත්, දක්ෂතම ක්රීඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාත් සම්මාන දිනාගත්හ.
ඒ අද (04දා) නිමාව දුටු මයිලෝ පාසල් ක්රීඩා වර්ණ ප්රදානෝත්සවයේදීය. සසිඳු බැඩ්මින්ටන් ක්රීඩාවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙනුත්, හංසනී මේස පන්දු ක්රීඩාවෙනුත් දැක්වූ දක්ෂතා වෙනුවෙනුත් මෙම සම්මාන හිමිකර ගත්හ.
මේ අතර මෙම සම්මාන උළෙලේදී 2017 වර්ෂයේ නැගී එන පාසල් ක්රීඩකයා ලෙසින් පිහිනුම් ක්රීඩාවෙන් දස්කම් පෙන්වන බම්බලපිටිය ශා. පීතර විදුහලේ දිමුත් අකලංක පීරිස් සම්මාන දිනා ගත් අතර, එම වර්ෂයේ නැගී එන පාසල් ක්රීඩිකාව ලෙසින් බැඩ්මින්ටන් ක්රීඩාවෙන් දස්කම් දැක්වූ කොළඹ විශාකා විදුහලේ හසිනි අම්බලන්ගොඩගේ සම්මාන දිනා ගත්තාය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ






