චීන ආධාර ලෙස ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද (08දා) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව පළමු අදියරේදී ලබාදීමට කටයුතු කරන බව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉශ්මි මහතා පැවසීය .
වයස අවුරුදු 60 ට අඩු අයට එන්නත ලබාදීම සිදුකළේය. විදේශිකයින් ද එන්නත ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිම විශේෂත්වයකි.




