ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
විවිධ නම්වලට මුවා වී ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කර දැමීමට උත්සාහ කරමින් සිටින බවත්, මේ නිසා ආණ්ඩුවේ උත්සාහය පරාජයට පත්කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ආණ්ඩුව ගෙන ඒමට සැලසුම් කරන පනත් කෙටුම්පත වහාම අහෝසි කරන ලෙස ඉල්ලා අද (05දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විරෝධතා පාගමනක් පැවැත්විය.
කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට විරෝධතා පාගමන ගමන් කළද, ලෝටස් මාර්ගයේදී පොලීසිය මාර්ග බාධක යොදා පාගමන ඉදිරියට ගමන් කිරීම වැළැක්වූ අතර, පිරිස විසිරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු







